(මනෝප්‍රිය ගුණසේකර සහ ගයාන් සුරියආරච්චි)
මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු යුද හමුදා සෙබළාට සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන්නැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අඹුසැමි යුවළක් ඇතුළු සුරියවැව ප්‍රදේශයේ සිව්දෙනෙකු ලබන මස 04 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (28) නියම කළේය.
සිද්ධියට අදාළ විමර්ශන බාරගත් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමටද පොලිසියට නියම කළේය”
සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දුන් බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්”ඒ”සී” පද්මසිරි මහතා මෙම ඝාතනය කිරීම සඳහා යතුරු පැදිය පැදවු නුවන් ලක්‍ෂිත නමැත්තා අපරාධයෙන් පසු සුරියවැව විහාරගල ප්‍රදේශයට ගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබුණු බවත් ඒ අනුව කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් ඔහුට නවාතැන් හා ආහාර දෙමින් ඔහුට සැඟවී සිටීමට ආධාර උපකාර කර ඇතැයි දැනුම් දුන්නේය”
2025 දෙසැම්බර් මස 04
504
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්