
අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.
මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයන් කණ්ඩායමකි. එම විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් ශිඛරය මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උසින් වැඩි වී තිබේ.
වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාල කඳු වැටිය නිර්මාණය වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි.
එවරස්ට් ශිඛරය චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසටය. එවරස්ට් ශිඛරය උස යෑම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අරුන් ගංගාව පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම බව, පර්යේෂකයෝ පවසති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.