(අංජුල මහික වීරරත්න)
එල්.ටී.ටී.ඊ චෝදනා සහ පාස්කු ප්‍රහාරයේ චෝදනා මත ආරක්ෂක අංශ අත්අඩංගුවේ සහ රඳවා ගැනීමේ නියෝග මත තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව අදාල චෝදනා ලැබූ තැනැත්තන් සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කොට අධිකරණය හමුවේ චෝදනා ගොනු කළ හැකි පුද්ගලයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත්, පුනරුත්ථාපනය කළ යුතු අය පුනරුත්ථාපනය කිරීමටත්, කිසිදු චෝදනාවක් නොමැති පුද්ගලයන් නිදහස් කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට විදේශ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය වෙත ජනාධිපති කාර්යාලය උපදෙස් ලබාදී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහත්වරුන් අධිකරණ අමාත්‍යංශ නිලධාරීන් සමඟ ඉකුත් සතියේ සාකච්ඡ කළ අතර එහිදී මෙම තීන්දුවට පැමිණ තිබේ.
අදාල චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් නීතිපති උපදෙස් ලබා ගෙන අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ලබන වසරට පෙර මෙම චෝදනා ලැබූවන් සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
117
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එල්.ටී.ටී.ඊ සහ පාස්කු චෝදනා විමර්ශන කඩිනම් කරයි