(නිමල කොඩිතුවක්කු)
ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළින් කතා කරන රාජපක්ෂ යුගයේදී සහරාන්ලාට මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඔත්තු සේවයටත් වැටුප් ගෙවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
එලෙස මුදල් ගෙවා නැති බවට හැකිනම් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර පෙන්වන්නැයි මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින බවත් රහුමාන් මහතා සඳහන් කළේය.
අමාත්‍ය මංගල සමරවිර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය.
‘‘මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව කියන කාරණාවට සියලුම අපේක්ෂකයන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව කටයුතු කරද්දි සහරාන් ඇතුලු අන්තවාදී කණ්ඩායම් වලට වැටුප් ගෙවලා තියෙනවා කියලා හෙළි වුණා. අද වනතෙක් මහින්ද රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් මේ චෝදනාව ප‍්‍රතික්ෂේප කරලා නැහැ.
පසුගියදා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති විවාදයකට මමත් නලීන් බණ්ඩාරත් සහභාගි වුණා. විපක්ෂය වෙනුවෙන් ඒ සඳහා ඩී. වී චානක සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත‍්‍රීවරුන් සහභාගී වුණා. මෙතනදි අපි මේ කාරණාව මතු කරද්දි කෙහිළිය රඹුක්වැල්ල මහතා ප‍්‍රකාශ කළා සහරාන්ලට විතරක් නෙමෙයි අපි පොට්ටු අම්මාන්ටත් වැටුප් ගෙවලා තියෙනවා කියලා එතුමන් කිව්වා.
පොට්ටු අම්මාන් තමයි එල්.ටී.ටී. ඊ සංවිධානයේ හිටපු බුද්ධි ප‍්‍රධානියා. ඔහු සහරාන් වගේ දහගුණයක් වැඩ කරලා තියෙනවා. කෙහෙළිය කරපු මේ ප‍්‍රකාශය ඉතාම බරපතල ප‍්‍රකාශයක්. දැන් මාධ්‍ය වලට ඇවිත් බයිලා කියලා වැඩක් නැහැ.
මේ රටේ රාජ්‍ය නායකයන් ඝාතනය කරන්න, හමුදාපතිවරුන්, බුදධි අංශ නිලධාරීන් ඝාතනය කරන්න එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඔත්තු සේවයටත් මේ අය වැටුප් ගෙවලා තියෙනවා. අන්තවාදය, ජාතිවාදය වපුරන්න මේ අය මුදල් වියදම් කළා කියන එක දැන් පැහැදිලියි.
මේ ප‍්‍රකාශය කරන්නේ සුලූපටු කෙනෙක් නෙමෙයි. මේ ප‍්‍රකාශය කරන්නේ පොහොට්ටුවේ මාධ්‍ය ප‍්‍රකාශකයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මේ ගැන පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි’’ යැයිද ඔහු එහිදි වැඩිදුරටත් පැවැසීය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එල්.ටී.ටී.ඊ යට - සහරාන්ලාට රාජපක්ෂ යුගයේදී වැටුප් ගෙවලා