
(රෝෂන් තුෂාර)
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයින්ට බලපෑම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන ජාතික කළමනාකරුවෙකුට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා (21) නියෝග කළේය.
මුදලට තරඟ පවා දීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කළමනාකරුට අධිකරණය මගින් නොතිසි නිකුත් කර තිබුණද එසේ පෙනී සිට නොමැති බැවින් වරෙන්තු නිකුත් කරන්නැයි කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය.
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බලපෑම් කලේ යැයි කියන කණ්ඩායම් හිමිකරු බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් සැකකරුට එරෙහිව සිදු කරන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම අවශ්‍ය බැවින් මෙම වරෙන්තුව නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුපුල් විධානගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ තමීම් රහ්මාන් සැකකරුට අධි චෝදනා ගොනු කිරීමට නියමිත බැවින් කළමනාකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය වී ඇති බවය.
මූජීන් අල් රවුමාන් කළමනාකරු ,මුදලට ක්‍රිකට් පාවාදීම සඳහා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී සාකච්ඡා කර ඇති බවත්,තමීම් රවුමන් සැකකරුගේ අනු දැනුම මත එම ක්‍රියාව කළ කළමනාකරුගේ ප්‍රකාශ සටහන් කිරීම සිදු කළ යුතු බවත් පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කළමනාකරුට වරින්තූරු නිකුත් කිරීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 5 දින දැනුම් දෙන ලෙසට නියම කළේය .
2025 නොවැම්බර් මස 21
5
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එල්.පී.එල් තරග පාවාදුන්නැයි කළමනාකරුවෙකුට වරෙන්තු