IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එල්ලාවල හිමිගෙන් මහා නාහිමිවරුනට ලිපියක්

(යොහාන් භාසුර)

උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළහ.

උතුරු නැගෙනහිර වැඳගත් නටබුන් ඇති ස්ථාන ශික්‍ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බව ලිපියක් යවමින් මේ බව  මහානායක ස්වාමීන්වහන්සේ දැනුවත් කර ඇත.

හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්‍ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බව කියන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවද සඳහන් කරති.

 



අදහස් (5)

එල්ලාවල හිමිගෙන් මහා නාහිමිවරුනට ලිපියක්

G. K. Ekanayake Wednesday, 21 June 2023 10:20 PM

අපේ රටේ විනාශ වන පුරාවිද්‍යා ස්ථාන ගැන වේදනාවක් මහානායක හාමුදුරුවන් ට නෑ. ඒ ගැන සමස්ත බෞද්ධයන් අතර මහානායක වරුන් ගැන පිළිකුලක් තියෙනවා. එල්ලාවල නායක හාමුදුරුවන් මේ රටට කල මෙහෙයට බෞද්ධයන් ගේ නමස්කාරය.

:       0       6

Bamunuarachchi Thursday, 22 June 2023 01:23 AM

ඔය ගමන්ම රටේ බෞද්ධ ජනතාවටත් ලියන්න. අපි සුදානම් අපේ අයිතින් රැකගන්න ඉදිරියට එන්න. අපිට ජෙප්පෝ, සජබයෝ, පොහොට්ටුවෝ, එජාපයෝ කියලා වෙනසක් ආගම වෙනුවෙන් නැහැ

:       3       6

City Thursday, 22 June 2023 06:30 AM

හාමුදුරුවනේ.... ​​මේක උතුරු නැගෙනහිර විතරක් නෙවෙයි ලංකාව පුරාම කරන්න වෙනවා.

:       0       5

C.K.Lankaputhra Thursday, 22 June 2023 08:09 AM

එල්ලාවල හාමුදුරුවනේ ! එක්තරා කාලයකට ඉස්සරල මුලු ශ්රී ලංංකාවම අයිති තමන්ගේ පවුලට යයි සිතා එක්තරා පැලැන්ට්තියක් රට පාලනය කල කාලයේ ඔය කියන විදිහටම යම් යම් කටයුතු සිද්ද වෙනකොට නෑසූ කනින් සිටි ඔබ වහන්සේලාට ඇත්තටම රට ජාතිය ආගම ගැන අවංංකවම කැක්කුමක් තියනවද කියන එක ගැන අපට නම් සැකයි හාමුදුරුවනේ. තරහ නොගන්ඩ අවසර.

:       5       5

rattu Thursday, 22 June 2023 08:29 AM

සහතික ඇත්ත අපේ හාමුදුරුවනෙ , මේ වෙනුවෙන් අපි බෞඩ්ද අරමුදලක් හදමු. අපෙ මියගිය අය වෙනුවෙන් දෙන දිනවලදි රුපියල් 100ක් වගෙ මුදලක් පන්සල් හරහා එකතුකරමු. ඔබවහන්සෙගෙ මෙ කැපකිරිමට බොහොම පින්.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site