(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එරාන් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 තරගයට ඉදිරිපත් කළ හැකි බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු එදා ගෝල්ෆේස් පිටියේදී දුවපු ආකාරය අපි හොඳින් දුටු බව පැවසූ මන්ත්‍රීවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එලෙස දිව යා නොහැකි බවද සඳහන් කළේය.
විපක්ෂ නායකතුමා ඒ ස්ථානයෙන් පිටව ගියේ බොත්තම් කාසි වැරදි විදිහට දමාගෙන බවත් පොලිස් විශේෂ කාර්ය බලකායට පින්සිද්ද වෙන්න ඔහුගේ ජීවිතය එදා ගැලවුණු බවත් හෙතෙම ප්‍රකාශ කළේය
COMMENTS
ඔයාවත් තරගයකට යවන්ඩ බැරිකමක් නෑනේ රත්තරනේ?
ඇයි ඉතින් ඔයාවත් කඬුළු පැනීම, රට හරහා දිවීම වගේ ඒවට යවන්න පුළුවන්නේ. දුවන කෝච්චි වලින් පැනලා මොන තරම් හැකියාවක් තියන. කෙනෙක්ද ඔයා.
එරාන් වික්‍රමරත්න සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෝල්ෆේස් පිටියේ සිටියදී සජිත්ගේ වහනය සමග ගැටුණු පුද්ගලයා පිලිබදව සොයාබලන්න. එම අවස්ථවේ සජිත්ගේ වහනය නොනවත්වා වේගයෙන් ඉදිරියට ගමක් කළේය
එරාන් සජිත් නෙවෙයි ඔයාලගේ නායකයා රටෙනුත් පැනල දිව්වා ඒක දැක්කේ නැත්ද ඔය කියෝන කට්ටිය.
තරුණ කොල්ලෝ එක්ක දුවන්න පුළුවන් කියපු හරියට ඇවිදගන්නවත් බැරි ඔහෙලා තවම ගොට්ට අල්ලන නාකි මයිනාව දාන්න 400 දුවන්න
මෙයාට විලිලැජ්ජාව කියන දෙය ඇත්තෙම නැහැ. මෙයාට තමන්ගේ ඇහේ තියන පොල් පරාලය පේන්නේ නැහැ. හැම වෙලේම අනුන්ගේ ඇහේ තියෙන රොඩ්ඩ ගැන කතා කරනවා. මේක කටක් නෙවේ. පඩික්කමක්.
මීටර් 400 දුවන එක මොන කජ්ජක්ද. ඔයාට පුළුවන් දුවන කෝච්චියෙන් පනින්නත්.