IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එරික් රාජපක්ෂ 105 වැනි සංවත්සරයට නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය 105 සංවත්සරය නිමිත්තෙන් සියලුම ශාඛාවල නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ  කඳවුරු සංවිධානය කර ඇතැයි එම ආයතනය කියයි.

මේ වන විට කොල්ලුපිටිය, වැල්ලවත්ත, දෙහිවල, මාලඹේ සහ කිරිබත්ගොඩ ශාඛාවල පවත්වාගෙන යනු ලබන මෙම අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ කඳවුරු ජූනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. ශ්‍රී ලාංකීය පුරවැසියන් නොයෙකුත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින මෙවන් අවධියක, නොමිලේ පවත්වන මෙම අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය කඳවුරු මඟින් ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ඇස් පෙනීම සහ ශ්‍රවණය පරීක්ෂා කර, වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාව සැලසේ. පරීක්ෂාවෙන් පසුව, එරික් රාජපක්ෂ ශාඛා වෙතින් ලබා ගත හැකි තෝරාගත් අක්ෂි සහ ශ්‍රවණ සත්කාර නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් ද පිරිනමනු ලබයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. “වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් දිවයින පුරා සිටින ශ්‍රී ලාංකිකයන් ඉතා දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටිනවා. මෙවැනි අවස්ථාවකදී, අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍ය පිළිබඳව බොහෝ දෙනෙක් සැලකිලිමත් නොවන නමුත් එය එසේ නොවිය යුතුයි. අපි අපගේ 105 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යය සඳහා වැයවන මූල්‍ය බර ලිහිල් කිරීමට සහ ඔවුන්ගේ අක්ෂි සහ ශ්‍රවණය වඩා හොඳින් රැකබලා ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතු බවට අප තීරණය කළා- ඔබගේත්, ඔබගේ ආදරණීයයන් සියලු දෙනාගේත් අක්ෂි සහ ශ්‍රවණ සෞඛ්‍යය පරීක්ෂා කර ගැනීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස අප සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා.”

595



අදහස් (0)

එරික් රාජපක්ෂ 105 වැනි සංවත්සරයට නොමිලේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site