IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් Pinnacle සම්මාන ලබයි

වසර 100කට වැඩි ක්ෂේත්‍රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නකු වන එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය 2023 Pinnacle Sri Lanka  සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවිය.

මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලැබ තිබුණේ, ශ්‍රී ලංකාවේ තත්ව ඇගයීම් තක්සේරුකරුවන් ලෙස ප්‍රකට MUGP International Organization  විසින් වන අතර එම සම්මාන රාත්‍රිය ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්වීය. 

Pinnacle Sri Lanka  සම්මාන, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සමාජ සේවාවන්ට විවිධ සංවිධාන සිදුකර ඇති සේවා ඇගයීම් සිදුකරන ඇගයුම් ව්‍යුහයකි. ඔවුන් මෙහිදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ව්‍යවසායකත්වය, වෙළඳ සන්නාම, සමූහ ආයතන, ව්‍යාපාරිකයන්, සමාජාරක්ෂණ සහ සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනඥයන් සහ ජනප්‍රිය චරිත හඳුනා ගනිමින් ඔවුන්ගේ සමාජ දායකත්වය සහ වෘත්තීය ජයග්‍රහණ ඇගයීමට භාජන කර සම්මාන ප්‍රදානය කරමින් ඔවුන්ගේ පෞද්ගලික අභිවෘද්ධිය සහ රටේ සමස්ත අභිවෘද්ධියට දායකත්වය ලබාදීමට දිරි දෙයි.

සම්මාන ජයග්‍රහණය පිළිබඳව අදහස් පළ කළ එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රජීව් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. Pinnacle Sri Lanka  සම්මාන උළෙලේ දී වසරේ හොඳම අක්ෂි සේවා විශේෂඥයා ලෙස සම්මානයට පාත්‍රවීම අපිට ඉතාම ගෞරවයක් වගේම අභිමානයක්. එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් අපි පවුලක්. පුංචිම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා ඒ පවුලේ සෑම සියලු දෙනාටම මේ ජයග්‍රහණයට නොපිරිහෙළා තමන්ගේ දායකත්වය ලබාදීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්න වෙනවා. මීට ශතවර්ෂයකට කලින් අපි පටන් ගත්ත දා පටන් ලංකාවේ පුරවැසියන්ට ගැළපෙන හොඳම අක්ෂි සෞඛ්‍ය සේවා ලබාදීමට අපි උපරිමයෙන් කැපවෙලා තියෙනවා.

ලෝකය වේගවත්ව වෙනස් වෙනවා නමුත් අපි අපේ උපරිම පාරිභෝගික සේවා සත්කාරයේ අරමුණ වෙනස් කරගෙන නෑ. අදත් අපිට පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන පාරිභෝගිකයන් විශාල පිරිසක් එන්නේ අන්න ඒ නිසයි. මේ සම්මානය ලැබීමෙන් ඒ අපේ දැක්ම මොනවට පැහැදිලි වෙනවා, ඒවගේම ඉදිරියට එන කාලය වඩාත් හොඳින් සේවා ලබාදෙමින් ඉතාම සාර්ථකව ඉදිරියට යාමට අපිට ශක්තිය තියෙනවා.”

එරික් රාජපක්ෂ ආයතනයේ ශාඛා කොල්ලුපිටිය, වැල්ලවත්ත. දෙහිවල, මාලඹේ, කිරිබත්ගොඩ සහ මහනුවර යන නගරවල පිහිටා ඇත.

595



අදහස් (0)

එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් Pinnacle සම්මාන ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site