(ටී.කේ.ජී.කපිල)
කසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ගුවන් සේවයේ මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ගුවන් මගීන් 157 දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ.
මෙම ගුවන් සේවයේ ගුවන් යානා අගහරුවාදා , බදාදා සහ සිකුරාදා දින වල කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟවෙන බව ගුවන් සේවා නිලධාරීහු පැවසූහ.
කසකස්තානය රන්, රිදී , ඛනිජ තෙල් , ගෑස් ,ගල් අඟුරුවලින් පොහොසත් රටක් වන අතර, ආනයන මෙන් දෙතුන් ගුණයක් අපනයනවලින් ආදායම් ලබන රටක් බව එයා අස්තානා ගුවන් සේවයේ උප සසභාපති චමීන්ද්‍ර ලේනව මහතා , මෙම ගුවන් යානය සහ එහි පැමිණි ගුවන් මගීන් පිළිගැනීමින් පැවසීය .
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එයා අස්තානා මංගල ගමන පිළිගෙන
Shantha - Qatar Wednesday, 01 December 2021 04:43 PM
අනේ පැය ගාණක් හොයලා බැලුවා ඉන්ටර්නෙට් එකේ හැම තැනම... බලන් ගියාම අපිටත් වඩා අන්ත රටක්... ඇමෙරිකානු ඩොලර් එක 400ත් පැනලා. ඔය වගේ රටවල් තමයි ඉතින් ආවොත් එන්නේ..
RanjanThursday, 02 December 2021 11:31 AM
ඔයා හරි මෝඩයිනේ.ඒක පුද්ගල ආදායම අපිට වඩා ඩබල් වලටත් වඩා වැඩී. ගී.ඩී.පී එක ගොඩක් වැඩී
raheem Wednesday, 01 December 2021 08:11 PM
මේ කට්ටිය ශ්‍රී ලංකාවේදී අස්ථාන වෙයිද?
Ruwan RThursday, 02 December 2021 12:35 PM
නෑ ...උඩු ගුවනේදී,....එයා අස්තානා
Sam Thursday, 02 December 2021 12:22 AM
ගුවන්යානය නෙමේ. එන ගුවන් මගීන්ව හෝදලා ගන්න...
ලාල් කුලරත්න Thursday, 02 December 2021 04:38 AM
කටාර් ඉන්න ශාන්ත. කසකස්තානය ආර්ථිකය අපට වඩා ඉදිරියෙන් බලන්න 2020 සංඛ්‍යා ලේඛන. වර්ෂයකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම $3,830කි. කසකස්ථානයේ ඩොලර් 9,686 කි...
විපරමා Thursday, 02 December 2021 05:33 AM
ඔය වගේ රටවල්වලින් තමයි ආවොත් එන්නේ... නන්නත්තාර වෙන්න...
Perera Thursday, 02 December 2021 08:50 AM
මමත් දැන් ලංකාවේ අස්ථානගත වෙලා ඉන්නේ... ඕකෙ බැරිද මට ඇෆ්ගනිස්ථානෙවත් ස්ථානගත වෙන්න යන්න?
sene Thursday, 02 December 2021 11:04 AM
GDP (PPP) 2020 ඇස්තමේන්තුව • මුළු වැඩිවීම ඩොලර් බිලියන 569.813[7] (41 වැනි) • ඒක පුද්ගල වැඩිවීම ඩොලර් 30,178[7] (53 වැනි) GDP (නාමික) 2020 ඇස්තමේන්තුව • මුළු වැඩිවීම ඩොලර් බිලියන 179.332[7] (එක් ප්‍රමාණය ඩොලර් 56 දක්වා) [7] (69 වැනි තවත් මොනාද ??