IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එයිට්කන් ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් 10 අතරට

එයිට්කන්ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන 10 අතරට එක්වී තිබේ. සහතික ලත් ප්‍රසිද්ධ ගණකාධිකාරීවරුන්ගේ ඇමරිකානු ආයතනය (AICPA) කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) එක්ව මෙම තෝරා ගැනීම කරන ලදී. මෙම සමාගම් 10ට ශ්‍රී ලංකාවේ ඉහම තලයේ ආයතන 10ක් ඇතුළත් වී තිබේ.

මෙම සමාගම් තෝරාගැනීමෙන් පසුව පැවැති  ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් සහ ආයතන ප්‍රධානීහු මෙන්ම රටවල් කිහිපයකම තානාපතිවරුන් සහ නිලධාරීහුද පැමිණ සිටියහ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. ශ්‍රී ලංකාවේ ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී   කත්සුකි කොටාරෝ මහතා ප්‍රධාන දේශනය පවත්වමින් උත්සවය වර්ණවත් කළේය.

කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ගෝලීය වරලත් ආයතනය (CGMA) එක්ව මූල්‍ය ස්ථාවරය පිළිබඳ ඇගැයීම්වලින් සමන්විත වාර්තාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන තෝරාගැනීම කරන ලදී.

ඉහළම පෙළේ ආයතනය සඳහා වෘත්තිය මට්ටමින් බදු සම්බන්ධ උපදෙස් සහ විගණන සේවා සපයන (KPMG) නියෝජිතයෝ පිරිසක් තෝරා ගැනීම් සහ ලකුණු දීමේ ක්‍රමවේදය අනුමත කළහ. පසුව ඉහළම සමාගම් සහ ආයතන 20ක් දෙවැනි වටයට තෝරාගන්නා ලදී. දෙවැනි වටයේදී එක් එක් ආයතන සහ සමාගම් විසින් ජූරිය හමුවේ තම ආයතනය සම්බන්ධයෙන් අංගසම්පූර්ණ  විස්තරයක් ඉදිරිපත් කළ යුතුව තිබිණ.

ඉහළින්ම අගයන සමාගම් තෝරා ගැනීමේ තරගයේ උත්කර්ෂවත් අදියර එය විය. සෑම විස්තර කිරීමකටම පාහේ ආයතන කළමනාකාරිත්වයේ ඉහළම නියෝජිතයෝ ඉදිරිපත් වූහ. විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු ප්‍රතිචාර අනුව හොඳම විස්තර කිරීම ඉදිරිපත් කරන ලද්දේ එයිට්කන්ස්පෙන්ස් විසිනි.

එයිට්කන්ස්පෙන්ස් නියෝජ්‍ය සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ එයිට්කන්ස්පෙන්ස් විධායක අධ්‍යක්ෂිකා ස්ටෂානි  ජයවර්ධන මෙනවිය වෙත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සම්මානය පිරිනමන ලද අවස්ථාව.

595



අදහස් (0)

එයිට්කන් ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් 10 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site