IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


එම්.සී.සී. ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඇමෙරිකා එක්සත් ජනපද සහස‍්‍ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය දීමේ ගිවිසුම අත්සන් කිරිමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දු කර ඇත.

ඒ අනුව ලබන බදදා (13) බුවනෙක අළුවිහාරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලෙනු ඇත.

මෙලෙස පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සළකා බැලෙන පෙත්සම් වනුයේ නීතීඥ දර්ශන වේරදූවගේ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එම ගිවිසුමට එරෙහිව  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනය.

මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කරන්නැයි පෙත්සම්කාර පාර්ශවය අගවිනිසුරුවරයාගෙන් ඉකුත් සතියේ ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එය අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට නියම කළේය.

පසුව පෙත්සම් ලබන  13 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

ගොනු කරනු ලැබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයට ඇමෙරිකා එක්සත් ජනපද සහශ‍්‍ර අභියෝග ආයතනය විසින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලයන 480 ක මුදලක් ප‍්‍රදානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මෙම ගිවිසුම හේතුවෙන් අප රටෙහි ස්වෛරීභාවය , ජාතික ආරක්ෂාවට , භෞමික අඛණ්ඩතාවයට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් වලට ඉමහත් අගතියක් සිදුවේ.

එබැවින්  මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසද, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත්, අදාළ ගිවිසුමට එළැඹීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙම ගිවිසුම මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ දර්ශන වේරදූවගේ, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන සහ නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ යන මහත්වරුන් පෙනී සිටියහ.

පෙත්සම ලබන 13 වැනිදා යළි කැඳවේ.

 



අදහස් (18)

එම්.සී.සී. ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

max Monday, 11 November 2019 06:35 AM

MCC නමැති මර උගුලෙන් ගැලවීමට අප රටට වාසනාව ලැබේවා...!!! මෙවන් මුග්ධ යෝජනාවක් ඉදිරිපත් කළ වර්තමාන පාලකයන් එළඹෙන 16 දායින් පසු දුරිභූත වේවා..!

:       365       2511

nimalMonday, 11 November 2019 07:45 AM

මේ රට එච්චරම අවාසනාවන්ත නැහැ. කලින් 2001 සාමගිවිසුම අනුව අපිට ඉහළින් තීන්දු දෙන්න සාම සභාපතිලා හිටියා. දැන් කෝ ඒ රටවල්...?

:       0       50

PradeepMonday, 11 November 2019 08:03 AM

Max ගේ ප්‍රකාශයටත් අකමැති අය ඉන්නවා කියන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ කියලා හිතන කොටසකුත් අපි අතර ඉන්න බවයි. ඉතින් අපි ජාතියක් විදියට, රටක් විදියට ආඩම්බර වෙමු.

:       183       276

nayanaMonday, 11 November 2019 08:29 AM

චතුර පුතාගේ කට වැහිලා මොකද?

:       42       150

rajithaMonday, 11 November 2019 08:42 AM

දැන් ගොඩක් සයිට් සජිත්ගේ නිවුස් දාන එක නවත්තලා...

:       11       175

LebbeMonday, 11 November 2019 10:40 AM

චතුර පුතා මේ දවස්වල ඉන්නේ මංගලගේ ගෙදර කට ඇරගන්න බැරුවයි.

:       0       86

senaMonday, 11 November 2019 10:36 AM

කියලා වැඩක් නැහැ.. ඇමරිකන් පුරවැසියා ඡන්දෙ දිනුවොත් මේ මොන ගිවිසුමක්වත් වැඩක් නැහැ. කෙලින්ම රට ඇමරිකාවට අයිතිවෙනවා.

:       519       308

NuwanMonday, 11 November 2019 11:12 AM

ඇමරිකන් බැරිනම් සෝමාලියන් හරි පුරවැසියෙක් කමක් නැහැ... කටින් නොවේ වැඩ පෙන්නලා තියන කෙනෙක්, කොටින්ට විරුද්ධව ජයග්‍රාහී යුද්ධය මෙහෙයවපු කෙනෙක් හොඳයි. ඔය ජාතකේ විතරක් ශ්‍රී ලාංකික...

:       89       347

යාපාMonday, 11 November 2019 12:28 PM

Sena, නම් රටට හෙන ගැහුවත් වහල්භාවයෙන් මිදී සත්‍ය තේරුම් ගැනීමට නොහැකි නිසා කුලප්පු වී ඇත.

:       0       37

චමින්දMonday, 11 November 2019 01:13 PM

සේන මහතාගේ අදහසට විරුද්ධව අදහස් පලකරන නුවන් කියනවා කොටින්ට විරුද්ධව ජයග්‍රාහී යුද්ධය මෙහෙයවපු කෙනෙක්.... සෝමාලියන් කාරයෙක් වුණත් හොඳයි කියලා. නුවන්ට අමතක වුණාද ගෝඨාභය මහතාම කිව්වා යුද්ධය මෙහෙයවූවේ ඔහු නොවේ... හමුදාපතියි කියලා කියපු දෙය...

:       91       2

isurandi Monday, 11 November 2019 09:33 AM

මම නම් කියන්නේ මේ ජනාධිපති අපේක්ෂකත්වයට තරගවදින සියලුම අය යම් ප්‍රකාශයක් කළයුතුයි. මැතිවරණය කලින් මේ MCC ගිවිසුම අහෝසි කරනවද? නැද්ද? යන වග...

:       15       100

යාපාMonday, 11 November 2019 12:29 PM

ගෝඨාභය පැහැදිලිවම කිව්වා මේක අත්සන් කරන්නේ නෑ කියලා..

:       0       15

NishanWednesday, 13 November 2019 03:20 AM

යාපා නොදන්නවාට මේකට මුලින්ම ඉල්ලුම් කරලා තියෙන්නේ 2008 අවුරුද්දේ ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොට.

:       30       0

Akila Monday, 11 November 2019 09:45 AM

අැයි මේකේ තියන දේවල් මහජනතාවට පෙන්නන්නේ නැත්තේ? 2016 පාර්ලිමේන්තුවේදී සම්මත කරපු (RTI) ඇක්ට් එකෙන් රජය බැඳිලා ඉන්නවා නේද සියලු දේවල් විනිවිදව කරන්න...?

:       9       353

Sugath PremalalMonday, 11 November 2019 10:10 AM

අකිල ඔබ හරියටම හරි.. එක්සත් ජාතික පක්ෂය හැම වෙලාවේම ජනතාවගේ ඇහැ වහලා වැඩ කරන්නේ... මොකද ඔය ගිවිසුම ජනතාවට ඉදිරිපත් කරන්නේ නැත්තේ..?

:       27       275

sirimal Monday, 11 November 2019 10:12 AM

ඉල් පෝය දවසේ ජනාධිපති මන්දිරයේ පැවැත්වෙන ධර්මදේශනාවට සහභාගි වෙන ජනාධිපති අපේක්ෂකයා කව්ද? ඊට කලින් ජනාධිපතිතුමා සහ එම අමුත්තා අතර කතා බස් වුනේ මොනවද? එම්.සී.සී. ගිවිසුම නෙවේ... මේවා තමයි අද අපට තියෙන කැකෑරෙන ප්‍රශ්න...

:       146       172

Lal Monday, 11 November 2019 11:57 AM

දේශද්‍රෝහී වෙන දේවල් කරන්නේ...

:       0       7

Chamil madusanka Friday, 15 November 2019 02:00 AM

අපේ රටේ වගකිවයුත්තෝ කවුරුත් නැති ද? මේ එම්.සී.සී ගිවිසුම කෙසේ හෝ අවලංගු කල යුතුමය. බිලියන 89 කට අපේ රට අපට මිල කල නොහැකිය. සල්ලි වලට රට පාවා දෙන්නනම් එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 74 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 115 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 163 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 327 1

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 791 1

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට
2025 මැයි මස 06 714 1

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 757 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site