IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ  වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ.  ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභාපති පුටුවෙන්  පන්නලා දාන්න යැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සහ  සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ  මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම    රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුත්තක් සම්බන්ධයෙන් කරුණු දැක්වූ අවස්ථාවේදීය.

හර්ෂද සිල්වා මහතා මෙසේද පැවසීය

අපිට චෝදනා කරන්න එපා. මම සභාපති විදිහට ඒ වැඩේ හරියට ඉෂ්ට කරගෙන යනවා. සිංගප්පූරු  ගිවිසුමට එදා එකඟ වුණේ නෑ.ඕගොල්ලන් එදා ඒක අනුමත කළේ නැහැ.  පිළිගන්න. දැන්වත් ඇත්ත කියන්න. සති දෙයකට පස්සේ තමයි අනුමත කළේ.

 



අදහස් (6)

‘එපා නම් මම සභාපති පුටුවෙන් පන්නන්න‘

dds Wednesday, 09 April 2025 09:43 PM

ආත්ම ගෞරවයක් තියෙන මිනිහෙක් එලවනකම් ඉන්නෙ නෑ කියල ඉගෙනගෙන නැහැ මේ උගත් ජනතා නියෝජිතයා.

:       7       11

de silva Thursday, 10 April 2025 08:27 AM

ඔය මුදල් කමිටු වල මුල් පුටුවල , නුගත් , වංචාවට බර, අදක්ෂ පුද්ගලයෝ සිටිනවාට , දුෂිත දේශපාලකයෝ සහ නිලධාරීන් ඉතා කැමති , ඔබ වැනි විෂය දැනුමක් සහිත දක්ෂ පුද්ගලයෙක් ඔතන ඉන්න එකට ඔවුන් කැමති නැහැ ,

:       12       17

ravin Thursday, 10 April 2025 09:23 AM

ඔය කවුරු කවුරුත් හරියට දුන්නු වැඩේ නොකළොත් කුස්සිය මුල්ලේ තමයි නවතින්න වෙන්නේ... ඒ ටික විතරක් මතක තිබ්බා නම් ඇති

:       4       16

අරවින්ද මොණරවිල Thursday, 10 April 2025 11:30 AM

මේ මනුස්සයා වැඩක් කරනවාට වැඩිය හැමදාම කරන්නේ නාහෙන් අඩන එකයි, කෝප් කමිටුවේ සභාපතිකම එයාගේ පවුලේ උරුමයක් කියලා හිතාගෙන ඉන්නේ. රට ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ගිය වෙලාවේ ගෝඨාභය සජිත්ට රට බාර ගන්න කියලා ආරාධනා කළ වෙලාවේ මේයා රට බාර ගන්න එපා කියලා සජිත්ට උපදෙස් දුන්නා කියලා සරත් ෆොන්සේකා චෝදනා කරනවා. එහෙව් හාදයා ගැන කතා කරලා වැඩක් නැහැ.

:       6       8

Rata Perata Thursday, 10 April 2025 11:36 AM

මේ මනුස්සයාත් දැන් සීයා වගේමයි දැන් අඬනවා විතරයි වැඩ නෑ... ගිය පාරත් ඔය පුටුවේ හිටියානේ... ඉතින් මොනවාද කළේ?

:       3       4

Shantha Thursday, 10 April 2025 03:14 PM

උගත් මෝඩයෙක් කිව්වොත් නිවැරැදියි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site