IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එප්පාවල දරු දැරියන්ගෙන් රෝහලට පරිත්‍යාගයක්

(තිසර සමල්)

ඔක්තොම්බර් 1 වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනය නිමිත්තෙන් එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් විසින් එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත බෙහෙත් බහාලුම් කවර 20,000 පරිත්‍යාග  කිරීම අද (01) සිදු කෙරිණි.

ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් විසින් එම කවර  නිර්මාණය කර ඇත.

එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රියංකා නිල්මිණී හෙට්ටිආරච්චි, නියෝජ්‍යය විදුහල්පති රනීෂා ලක්සරනී අසරමාන්න, සහකාර විදුහල්පති නිර්මාල් දේවගිරි යන මහත්ම මහත්මීන් හා සියළු සිසු දරු දැරියන් නියෝජනය කරමින් සිසුවියන් තිදෙනකු විසින් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මියල ප්‍රධාන හෙඳ නිළධාරිනී අනෝජා කුමාරී මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත එම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.

රට තුළ පවතින කඩදාසි හිඟය හේතුවෙන් මේ වන විට රෝහල මගින් රෝගීන්ට ඖෂධ නිකුත් කරනු ලබන්නේ පත්තර පිටු හා භාවිතයෙන් ඉවත් කරන පොත් වල පිටු වලින් ඔතා එහි පැනෙන් ඖෂධ ලබා ගත යුතු ආකාරය සටහන් කරමින් යල මේ නිසා ඖෂධ මාත්‍රාව පිළිබඳ සටහන් ඇතැමුන්ට පැහැදිලිව කියවා ගැනීමට අපහසුතා ඇති වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින සියලු රෝහල් වල බාහිර රෝගී අංශ මගින් බෙහෙත් නිකුත් කිරීමේදී කවර හිඟය බෙහෙවින් බලපා ඇත.

ඒ සඳහා විසඳුමක් ලෙස පිරිසිදු කඩදාසි වල  මෙලෙස බෙහෙත් කවර සිසු සිසුවියන් අතින් නිර්මාණය කර  රෝහල වෙත පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

අද දින අප රෝහලට ශ්‍රී රාහුල විද්‍යාලයේ සිසු දරු දැරියන් ලබා දුන් බෙහෙත් කවර රෝගී සත්කාරයන් සඳහා යොදා ගන්නා බවත්ල ඊට දායක වූ සියලු දෙනාට තුති පුද කරන බවත් එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය පැවසුවාය.

එප්පාවල ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතිනී ප්‍රියංකා නිල්මිණී හෙට්ටිආරච්චි මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, 

අද දවසේ අපි එප්පාවල රෝහලට බෙහෙත් කවර පරිත්‍යාග කරන්න තීරණය කළා, ඒ මේ පුංචි දරුවන්ගේ නිර්මාණ ශක්තියෙන් එළියට ආව දෙයක්, අපි පාසලෙන් ප්‍රජාවට යම් දෙයක් දෙන්න ඕන කියලා හිතුවා, රාහුල ප්‍රාථමික විද්‍යාලයේ 1-5 ශ්‍රේණි වල දරුවන්ගේ අතින්මයි මේ දේවල් නිර්මාණය වුනේ, අපි හිතනවා දුන් දේ සුවඳයි කියලා. ඉදිරියටත් මේ කටයුත්ත සිදු කරන්න බලාපොරොත්තු වනවා යැයිද පැවසුවාය.

 



අදහස් (0)

එප්පාවල දරු දැරියන්ගෙන් රෝහලට පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site