(ෂේන් සෙනෙවිරත්න)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් එම මත්ද්‍රව්‍ය ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කඩුගන්නාව රජවත්ත ප්‍රදේශයේදී ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරගන්න ගොස් ඇති මෙම ජාවාරම පොලිස් නිලධාරීන්ට වැටලිය නොහැකි ආකාරයට ආරක්ෂක විධිවිධාන සහ ඔත්තුකරුවන් යොදාගනිමින් කරගන්න ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
සැකපිට අත්අඩංගුවට ගත් මව සහ දියණිය දියණියගේ ජංගම දුරකථන දත්තවලට අනුව මොවුන් ඇතැම් දිනවල මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් ලබාදී රුපියල් ලක්ෂ 05කට අධික මුදල් උපයා ඇති බව අනාවරණය වී තිබේ.
පුද්ගලයකුට එක්වරක් මත්ද්‍රව්‍ය එන්නතක් ලබාදීම සඳහා රුපියල් 3000-4000 ත් අතර මුදලක් ලබාගෙන තිබෙන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .
වැටලීම සිදු කිරීමෙන් අනතුරුව එම නිවස තුළ හා අවට භූමිය තුළ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට යොදාගත් එන්නත් කටු 300 ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ .
මෙම මවට සහ දියණියට හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර සැකකාර කාන්තාවගේ පුතුන් දෙදෙනාද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලීසිය කියයි .
2025 දෙසැම්බර් මස 04
331
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
424
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්නත් මගින් තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු
SL Wednesday, 21 September 2022 01:46 PM
මේ වගේ සමාජයට අති භයානක අය තත්පරයක් එළියේ තිබ්බත් අඩුම ගානේ තවත් මිනිස් ජීවිතයකටවත් හානිකරයි. එහෙම එකේ මේ වගේ භයානක අය ඇප පිට එළියට දාපු විනිසුරු කවුද? ඇප දෙන්න කැමතිවුණු පොලිසියේ ලොක්කා කවුද? ඒ අයගේ ආදායම්, වියදම්, වත්කම් හොයන්න..!!