IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

 

පොදු ස්ථානවලට ගමන්  කරන පුද්ගලයන්ට   කොවිඩ්  මර්දන එන්නත්  දෙකම ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම   අනිවාර්ය  කිරීම පවතින නීතිය අනුව කළ හැකි බව නීතිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

මේ අනුව තමා ඒ සඳහා කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මෙම තීරණයට  විරුද්ධව යමකු අධිකරණයට ගියොත්  ඊටද මුහුණ දීමට සූදානම් බව  සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලෝකයේ රටවල් ගණනාවක් පොදු ස්ථානවලට එන්නත් කාඩ්පත අනිවාර්ය කර ඇති බවත් එන්නත්  ලබා ගැනීම පිළිබඳව පරිගණක ඇප් එකක්  හඳුන්වාදී එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා  පැවසුවේය.

මේ අතර විවිධ එන්නත් වර්ග සම්බන්ධයෙන් ලෝකය පුරා විවිධ තොරතුරු ගලා යමින් පවතින බව පැවසූ හෙතෙම එම තොරතුරු පිළිගෙන ලෝක ගමනට  බැහැරව යා නොහැකි බවද  ප්‍රකාශ කළේ‍ය. 



අදහස් (18)

එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට නීතිපති අනුමැතිය

ලමය Monday, 08 November 2021 02:39 PM

නීතිපති අර නඩු ඉල්ලා අස්කරගන්න මනුස්සයා නේද ඔය කියන්නේ....

:       2       45

කිරි පුතා Monday, 08 November 2021 02:41 PM

එය අනිවාර්ය කළ යුතුයි. නිකම් දෙන එන්නත ගන්න බැරි කෙනෙක් නෑනේ... විද්‍යාත්මකව දැනට තියෙන එකම විකල්පය එන්නත.

:       53       27

AsankaMonday, 08 November 2021 06:57 PM

වයිරසයත් නිකන්ම තමයි දෙන්නේ... අපි දන්න අපේම පවුලේ කී දෙනෙක් මියගියාද ඔය එන්නත ගහගත්තාට පස්සේ... වරෙන් ඕනෑනම් කතා කරන්න...

:       4       19

fairoos Monday, 08 November 2021 02:55 PM

අනිත් රටවල්වල ඔය වැඩේ කරලා ඉවරයි... දැන්වත් ඉක්මන් කළොත් හොඳයි නිකන් කිය කිය ඉන්නේ නැතුව... වැඩබැරි ටාසන්ලා පත්කරගෙන අපි විඳින දුක...

:       32       21

චමින්ද Monday, 08 November 2021 03:16 PM

පොදු ස්ථාන කියන්නේ රාජ්‍ය ආයතන නේද? ඒවායේ කිසිම වැඩක් එක් දිනකින් නොකරන වැඩ පරක්කුලාට තවත් ඉනිමගක් කියන්න පුළුවනි.. නැත්නම් අඬන්න හිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක් මේක.. දීලා තියෙන කාඩ් එක දින කීයක් පාවිච්චි කළහැකිද? එය දියවී ගියාම පොදු ස්ථාන තහනම්ද? කවුරු මොනවා කිව්වත් වෙන්නේ මේකම තමයි..

:       1       30

සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 November 2021 03:43 PM

එන්නත් විඳගැනීම රෝග මර්දනයේදී ඉතා වැදගත්. ඒත්,මේ කාඩ්පත අනිවාර්ය කිරීමේදී තවත් පැත්තක් තිබෙනවා. එන්නත් දෙකම විදගත්තා කියා රෝගය වැළඳෙනවා.දෙකම විදලත් මැරුණු අවස්ථා තිබෙනවා.ඒ වගේම ඒ ඒ එන්නත් වර්ග අතර විවිධ පිළිගැනීම් තිබෙනවා.එකඟවීම් නොවීම් තිබෙනවා.ලංකාවේ කොවිඩ් රෝගය සඳහා පිළිගත් ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් සියලුම රෝගීන් සුවපත් වූ බව පසුගියදා වාර්තා වුණා.ඒ වගේම එකම මරණයක් හෝ වාර්තා නොවූ බව සඳහන් පුවතද අප පුවත්පතේම පළවුණා. මාත් එයට ලිව්වා.එම රෝගීන් ඇතුළු ආයුර්වේද ප්‍රතිකාර ලබාගත් අය බටහිර එන්නත ලබාගත්තේ නැහැ.මේ අනුව බලනා විට බටහිර එන්නත් කාඩ් පත අනිවාර්ය කළහොත්,නීතිමය ගැටළු ඇතිවෙන්නට පුළුවන්.කොයි දේ කරත් අපේ අමනාපයක් නැහැ.අප පැහැදිලි කලේ යථාර්ථයයි.රටට ජනතාවට යහපතක් වීමයි අවශ්‍ය වන්නේ.

:       6       42

අගුපිලගේ Monday, 08 November 2021 05:29 PM

මෙයින් වෙන්නෙ දේශීය වෙදකම වල පල්ලට යැවීමක්.ඇත්තටම මම නම් එන්නත් දෙකම ගත්තා ඉන් පස්සෙ කිසිම වැඩක් කරන්න ශක්තිය අඩුයි වගේ හරිම කම්මැලි ගතියක් තියෙනවා මම අදුනන කීප දෙනෙකුත් එහෙම කිව්වා ඔවුන්ගේ අත පය රිදෙනවා කිව්වා කවුරු හෝ සමීකරණයක් කර බලන්න ලක් වැසියන් රසායනාගාර මීයන් කරන්න එපා

:       1       2

මහසෙන් Monday, 08 November 2021 04:11 PM

මෙය කෙතරම් සාර්ථක ලෙස ක්‍රියාත්මක වේවිද කියලයි ගැටලුව. කාඩ්පත අනිවාර්ය කළත් ජනතාව සමාජය තුළ හැසිරෙන අයුරු මේ හැමට වඩා වැදගත්. ඒ වගේම එන්නත නොවිද කාඩ්පත් ලබාගත් අයත් ඉන්නවා මහත්තයෝ. ඒ වගේම විදගන්න කියලා රට්ටුන්ට කියලා එන්නත් විදපු නැති මහපුටුවල අයත් ඉන්නවා. එක රටක්, එක නීතියක්නේ.

:       0       15

sumudu Monday, 08 November 2021 04:31 PM

මේ කාඩ් එක පර්ස් එකේ දාන්න බැහැ.... ෆයිල් එකේ තමයි ගෙනියන්න වෙන්නේ...

:       1       20

Rasika Monday, 08 November 2021 04:31 PM

වයසක මේ අයට බේරෙන්න තරුණ අපිට බලෙන් විදින්න ගේන නීතියක් මේක...

:       4       16

විපරමා Monday, 08 November 2021 04:33 PM

නීතියට අනුව වැඩ කරන නීතිපති. පහුගිය කාලේ නීතියටම වැඩකරපු හැටිත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       1       19

de silva Monday, 08 November 2021 05:51 PM

ඉස්සරවෙලා ඔය කියන ඇප් එක සහ පහසුවෙන් මුදල් පසුම්බියේ දමාගෙන යන්න පුළුවන් කාර්ඩ් එකක් ජනතාවට ලබාදෙන්න.

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 08 November 2021 06:04 PM

එන්නත නිසා රෝගය යම්කිසි මට්ටමකට කිසියම් කාලයකට පාලනය වුණා කියන එක හැමෝම පිළිගන්න දෙයක්... නමුත් තවමත් රෝගයට පිළිගත් කිසිම එන්නතක් එකම විසඳුම කියන්න කාටවත් බෑ... ඒ නිසා එන්නත අනිවාර්ය කරනවා වෙනුවට මේ රෝගයෙන් මිනිසුන්ව බේරාගැනීමට කළයුතු එකම විසඳුම තමා මම නම් හිතන්නේ මිනිසුන්ට විනය අනිවාර්ය කිරීම... එහෙම වුණොත් මේ රෝගයෙන් විතරක් නෙමේ... මානව සමාජයට බලපාන වෙන වෙන රෝගත් බොහෝමයකින් මිනිසුන්ව බේරගන්නට හැකිවේවි කියලයි මට නම් හිතෙන්නේ...!

:       1       7

Nuwa Monday, 08 November 2021 11:39 PM

එන්නත් කාඩ් එක අනිවාර්ය කරන්න කලින් බස් කෝච්චි ටිකක් වැඩි කලොත් නරකද... කාඩ් එක අනිවාර්ය කරනවට වඩා හිරවෙලා තදවෙලා යන මිනිස්සු දිහා බලන්න.

:       0       0

hesa Tuesday, 09 November 2021 11:43 PM

අසන්කගෙ අදහස හරි..ඔය එන්නත ගහගත්තාට පස්සේ කී දෙනෙක් මියගියාද..දැන් 3 වැනි එක..ඊළගට 4 වැනි 5 වැනි ආදී වශයෙන්..ඡීවිතයටම එන්නත්

:       0       1

sampath Tuesday, 09 November 2021 11:58 PM

කාටවත් කිසිම දෙයක් අනිවාර්ය කියලා කියන්න බැහැ . එන්නත විදින්න කැමති ය කැමති එන්නතක් විද ගත්තට කමක් නැහැ .ඒ වගේම යමෙක් අකමැතිනම් හෝ විද්‍යා හේතුවක් තිබේනම් ඒ සඳහා විකල්ප තිබිය යුතුයි .අවශ්‍ය නම් අන්ටිජන් කිට් එකක් තියලා තියන්න විදේශ රටවල වගේ

:       0       0

hesa Wednesday, 10 November 2021 12:32 AM

එන්නත මිලදී නොගන්නා රට වලට, ලෝකයේ කොහෙන් හෝ කිසියම් බලපෑම් ඇති වෙනවද..

:       0       0

chandima Wednesday, 10 November 2021 12:56 AM

සෑම පුරවැසියකුගේම දත්ත ඩිජිටල් කරණයට ලැබුණු මහඟු අවස්ථාවක් මේක .සෞඛ්‍ය දත්ත කාඩ් පත පසුව හැඳුනුම් පත ,ගමන් බලපත්‍රය ,මරණ සහතිකය වගේම උප්පැන්න සහතික ආදියටත් සම්බන්ද කිරීමෙන් ජාතික දත්ත පද්ධතියක් සැදීමට හැකි වේවා

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොට්ටාවේ ඝාතනයට අයෙක් අල්ලයි
2025 මැයි මස 11 167 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා


දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 145 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 830 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 4738 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 21 දක්වා ඉහළට
2025 මැයි මස 11 2387 0

රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී අද සිදු වු අනතුරින් මිය ගිය ගණන අද දහවල් වන විට 21 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලීසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1089 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 930 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1419 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 368 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site