
(ෂේන් සෙනෙවිරත්න)
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාංශ ලබා දී තිබුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවති මාලිමාවේ පෙරපාසල් ගුරු හමුව ඊයේ අමාත්‍යංශ 25කට සීමා කිරීමට ඉදිරි රජය සැලසුම් සකස් කොට ඇති බවයි.
පසුගිය රජයක උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යංශ දෙක එකට බැඳුණු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය ඒ පිළිබඳව විමසීමේදී විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුර සිටින්නේ මහා මාර්ගයේ නිසා එවැනි අමාත්‍යාංශයක් නිර්මාණය කළ බව එදා පාලකයන් පැවසූ බවද පැවසීය.
ඉදිරි රජයක් යටතේ අධ්‍යාපන අමාත්‍යංශය යටතට සියලුම අධ්‍යාපන ක්‍රියාවලි යොමු විය යුතු බව පැවසූ අග්‍රාමාත්‍යවරිය උසස් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය හා පූර්ව ළමා විය අධ්‍යාපනය මෙන්ම වෘත්තීය පුහුණු යන සියලු ක්ෂේත්‍ර එකම අමාත්‍යාංශයක් යටතට ගෙන එන බවද පැවසීය.
විභාග ඉලක්ක කර ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය වෙනුවට සමාජය වෙනස් කළ හැකි පුරවැසියන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් සකස් විය යුතු බව අවධාරණය කළ අගමැතිවරිය පුනරුද යුගයක් පිළිබඳව කතා කරනවා නම් එම යුගයට සුදුසු පුරවැසියන් නිර්මාණය කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ආගමන විගමන සහ මහා මාර්ග අමාත්‍යාංශ එකට දාන්න.. විදේශ ගමන් බලපත්‍ර ගන්න අය වැඩිපුර ඉන්නේ මහපාරේනේ දැන්...
ප්‍රයෝජනයක් ඇති දෙයක් කියන්නෙම නැද්ද?
සමහරු ගජ මිතුරු සංගම්වලටත් දුන්නා.
සම්පූර්ණ ඇත්ත. තරුණ කටයුතු ඇමැති අවුරුදු 75ක් වයසයි. කාන්තා කටයුතු පිරිමි අයට.. මෙලෝ හසරක් දන්නේ නැති අයට ආර්ථික කටයුතු ඇමැති... රටක් ගොඩ යයිද?
පුනරුද යුගයක් පිළිබඳව කතා කරනවා නම් එම යුගයට සුදුසු පුරවැසියන් නිර්මාණය කළ යුතුව තිබෙන බවද? නිර්මාණය කරන්න අවුරුදු කීයක් යයිද මන්දා. හා...හා... හා... අන්දරේගේ කතානේ මෙයා කියන්නේ... නුසුදුසු පුද්ගලයන්ට දෙවියන්ගේම පිහිටයි.
මේවාකළේ ‘පරිණත, පලපුරුදු, අය නොවෙයිද? රනිල්, කරුණාකර මෙයට උත්තර දෙන්න...
වටිනා අදහස්... කරුණාකර කොහොමහරි ක්‍රියාත්මක කරන්න...!
අද වෙනස මේකයි. ආණ්ඩුවේ තනතුරු දෙන්නේ තමන්ගේ දේශපාලන වේදිකාවේ රැඟු උදවියට. ඔබතුමියගේ "පුද්ගලික සහකාර" ගේ සිට ජවිපෙ ආණ්ඩුව විසින් සිදුකළ සියලු රජයේ තනතුරු දෙස බැලුවොත් ඒ බව සනාථ වනු ඇත.
සමහරු ගජමිතුරු අයටත් රස්සා දුන්නා. ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා නේද?
රටේ දේශපාලනය ව්‍යාපාරක් වුනේ '77ට පස්සේ. මේ සංස්කෘතිය මේ රටින් අතුගා දැමිය යුතුයි...
JR ට රට දෙන්නත් එපා. දීලා ආයේ ගන්නත් එපා කියලා කවුදෝ ඒ කාලේ කිව්වා මට මතකයි.