ඇමෙරිකානු ඩොලර් මිලියන 50 (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16) කට වැඩි ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට අවුරුදු දෙකක බදු විරාමයක් ලබා දීමටත් තීරු බදු රහිතව වාහන ගෙන්වීමටත් අවස්ථාව ලබා දීමටත් රජය සළකා බලමින් සිටි.
මෙම යෝජනාව 2024 අයවැයටත් ඇතුලත් වනු ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
විශාල ආයෝජන ව්‍යාපෘති ගෙන එන දෙස් විදෙස් ආයෝජකයන්ට ඔවුන් කැමති වර්ගයේ මෝටර් රථ තීරු බදු රහිතව ගෙන්වීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එක් ආයෝජන ව්‍යාපෘතියකට තීරු බදු රහිතව ගෙන්වීමට අවසර ලැබෙන්නේ එක් වාහනයක් පමණක් බවත් මහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
තවත් 2024 අයවැය යෝජනාවකින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් 100 කට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කරනු ඇති බවත් ඔවුන්ටද තීරු බදු රහිතව වාහන ගෙන් වීමට අවසර ලැබෙනු ඇති බවත් මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත.නමුත් තොරතුරු තාක්ෂණ සමාගම් වලට තීරු බදු රහිතව ගෙන්විය හැක්කේ විද්‍යුත් මෝටර් රථ පමණක් යැයිද මහා භාණ්ඩාගාරය පවසා තිබේ.
විශාල ආයෝජකයන්ට සහ තොරතුරු තාක්ෂණ සමාගම්වලට තීරු බදු රහිතව වාහන ගෙන්වීමේ අවසර ලබා දීම සහ වසර දෙකක බදු විරාමයක් ලබා දීම පිළිබඳ යෝජනාවන් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා තහවුරු කර තිබේ.එසේම 2024 අයවැය මගින් නව ආයෝජන ප්‍රවර්ධන කාලප ඇතිකිරීමටද රජය බලාපොරොත්තු වන බව එම මහතා පෙන්වා දී ඇත.
මෙම වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බවත් අමුණුගම මහතා පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කලාප පිහිටුවීමෙන් මුළු රටම දියුණු වෙන්නේ නැහැ. එක් ප්‍රෙද්ශයක පමණක් මාර්ග තදබදය.., ඇතුළු බොහෝ දේවල් ඇති වෙනවා. ඒ වගේම රටේ දුෂ්කර ප්‍රෙද්ශ අත්හැර දමනවා. තොරතුරු තාක්ෂණය රටේ ඉන්නෙම අස්සක්, මුල්ලක් වුණත් ආරම්භ කළ හැකියි. මුළු රටම ආයෝජන කලාපයක් කරන්න. මුළු රටටම සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදෙන්න.
එතර ආයෝජකයින් ජෙප්පෝ සිටිනතුරු ලංකාව ඒවිද? 1989 ජෙප්පෝ කිව්වා අපිට විදෙශික ආයෝජකයෝ, කර්මාන්ත කරුවෝ, ව්‍යාපාරිකයෝ එපා කියලා. මම දන්නා ප්‍රසිද්ද විදෙස් සමාගමක සභාප්තිට ඔලුවට වෙඩිතියල මැරුවේ. එහෙම කාලකන්නි බලය ඉල්ලන රටක ආයෝජනයට විදෙශිකයෝ ඒවිද? අපේ කරුමෙට ජෙප්පෝ බලයට ආවොත් ඔවුනට නැවත අකුලාගෙන යන්න වේවි. අපි ඈත ඉඳන් බලන් ඉන්නේ ජෙප්පෝ දෑකැත්තෙන් මිටියෙන් රට හදන්න යන හැටි. ටින්කරින් අනුර ගෙන් පෙන්ටින් ටිං ටිං ගෙන්.
ලොරි, බස් ටික සීට් ගාණට මිනිස්සු දාලා හරි වේලාවට දුවන්න.. ඩොලර් මිලියන 2,000කට වඩා ඉතුරු වෙයි.
ඇයි මේ සහන දේශීය ආයෝජන වලට නැති...?
අයොජකයන්ගෙ ප්‍රශ්න වාහනයක් දන්න කියල විසදෙන්නෙ නැහැ , මෙහෙ යම් ව්‍යයාපාරයක් ආරම්භ කරන්න ගොඩනැගිල්ලක් හදන්න සලසුම අනුමත කරගන්න ආයතන 4ට පමන යන්න වෙනව , අමුදුව්‍ය සහ ශ්‍රමය කලාපෙ රටවල් සමග සංසන්දනය කරන කොට ඉතා මිල අදිකයි , පුහුනු ශ්‍රමිකයො නැහැ , අයොජනය කරන්න ලන්කවෙ ඔනෙ තරම් මිනිස්සු ඉන්නව නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නෙ ඉහත සඳහන් කල භාදක , සල්ලි බැංකුවෙ දමල මිනිස්සු පොලියෙන් ජිවත් වෙනව