IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


එතනෝල් අඩුපාඩු ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

එතනෝල් ආනයනය නිසි නියාමනයක් යටතේ සිදු නොවීම සම්බන්ධයෙන්  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත.

එතනෝල් ආනයනය කරන ආයතන  සහ  මෙරට භාවිතය සඳහා ආනයනය කෙරෙන එතනෝල් ප්‍රමාණ සම්බන්ධයෙන්ද නිසි නියාමනයක් සිදු නොවන බව එම කාරක සභාව පවසයි.

මේ අනුව එතනෝල් ආනයනය සඳහා විවිධ සමාගම් වලට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, සමාගම්  ආනයනය කරන එතනෝල් ප්‍රමාණ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට  නිර්දේශ කර ඇත.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුලු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණ  සහ  එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිතා කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලෙස කෝපා කමිටුව උපදෙස්දී ඇත.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණයවී ඇත්තේ  එම රැස්වීමේදීය.



අදහස් (2)

එතනෝල් අඩුපාඩු ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

sharm warn Wednesday, 15 June 2022 04:33 PM

අනේ මෙ කොප් කොපා කමිටු වල කට්ටියට විශාදය හැදෙයි මෙහෙම් යනකොට.. දවස තිස්සෙම අහන්නෙ අයතා මුදල් වියදම් කරපුව, හොරකම් කරපුව. . එක හොද දෙයක් වත් අහන්න ලබෙනවද?

:       0       4

Lalith M Friday, 17 June 2022 07:24 AM

හොරුත් එක්ක හෙළුවෙන් කියන නාට්‍ය ඇත්ත කියලා තේරෙනවා නේද? රටේ ගරු කියන කෑල්ල පාවිච්චියට ගන්න ඔක්කොම හොරු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 261 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 242 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site