IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාපය මැතිවරණ කොමිසමට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන මහත්වරු රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමට ගොස් මෙම ඉල්ලීම කළහ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂයේ නීතිඥවරුන් සමඟ ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක  මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හමුවී තම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.

ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට මේ වන විට බලය ලැබී ඇති හෙයින් හැකි මෑතම දිනයේ දී ජනපතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටි බව කී රංගෙ  බණ්ඩාර මහතා මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඉදිරිපත් කරන නඩු වලට තම පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැතැයි කොමිසමට දැනුම් දුන් බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකි සෑම සහයක්ම ලබාදෙන්නේ යැයි කොමිසමට දැනුම් දුන් බවද එජාප මහ ලේකම්වරයා කීය.

 



අදහස් (11)

එජාපය මැතිවරණ කොමිසමට

නාමල් Wednesday, 17 July 2024 07:10 PM

රංගේගේ රංගන. එක පැත්තකින් මැතිවරණයට බාධාවන පනත් ගේන ගමන් අනිත් පැත්තෙන් රටට පේන්න ඉක්මනින්ම මැතිවරණය තියන්න කියනවා.

:       0       0

Aravinda Monarawila Wednesday, 17 July 2024 07:29 PM

විහිලු විහිලු රට හිනස්සවන විහිලු. රනිල් වෙනුවෙන් කඩේ යන රංගගේ විහිලු

:       0       1

Rata Perata Wednesday, 17 July 2024 07:39 PM

නරි නාටක

:       0       1

PATTA hora Wednesday, 17 July 2024 07:49 PM

කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ මේවට. මේකට මට ගිය හිනාව නවත්තගන්න ගිහින් පුං එකකුත් ගියා.

:       0       1

chandima Wednesday, 17 July 2024 08:00 PM

පස්සේ මැස්සෙක්වත් පා කනවද මුන්ගේ ?

:       0       1

පාලිත Wednesday, 17 July 2024 08:40 PM

ප්‍රා සභා මැතිවරණය තියන්න කියලත් අපි ඔහොම ගියා මතකයි.

:       0       0

thushara Wednesday, 17 July 2024 08:47 PM

කපන්න බැරි අත ඉඹීම

:       0       1

Marikkar Wednesday, 17 July 2024 09:39 PM

එජාපයේ කොච්චර හොද මිනිස්සු ඉන්නවද'

:       1       0

chandima Thursday, 18 July 2024 03:30 AM

මොකද තදියම ජනමතයයි මහමැතිවරණයයි එකට දායි කියලාද?

:       0       0

ජගත් ලියනගේ Thursday, 18 July 2024 08:31 AM

සාධාරණ මැතිවරණයක් පවත්වන්න කාගේ වත් සහායක් අවශ්‍ය නැහැ . යූඑන්පී කාරයෝ ගැන තමයි අපිට සැක.

:       2       14

H.D.Jayasiri Thursday, 18 July 2024 10:23 AM

සභාවේ හිනා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site