
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී නවීන් දිසානායක මහතාගේ පත්වීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
නවීන් දිසානායක මහතා මීට ඉහතදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ අතර පසුව එයින් ඉල්ලා අස්විය.
ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද දරා ඇති නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ රජය සමයේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයද දැරීය.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් පක්ෂනායකකම අරන් පෙන්වන්න. මැරෙනකම් දෙන්නේ නෑ ලොක්කා.
කමකට නැති හිස් මිනිස්සු. රටට කිසිම දැනෙන සේවයක් කළ අයෙක් නොවේ. පියා හම්බ කළ මුදලින් යැපෙන නිකම්ම නිකම් චරිතයක්...
කරූ ජයසූරියගෙන් පස්සේ බෑනට දීලා වගේ ඒ තනතුර...
සත්‍යයෙන් රට ගොඩ ගැනීමට සිටින ප්‍රබලම ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයා ඔබයි...
කවදාවත් ඡන්දයකින් දිනාගන්න බැරි නායකයෙකුට එකතු වෙන්නේ බංකොළොත් සෙට් එකම තමයි.
රටට කිසි වැඩක් නැති එකේ වංසෙ කබල් ගගා ඉන්නෙ නැතුව වැඩක් පලක් කරලා කීයක් හරි හොයාගනිල්ලා කුලියක් මලියක් කරලා.. මිනිස්සු කොටව කොටවා ජීවත් වෙන්නෙ නැතුව. ඔය කරුම පක්ෂෙ තහනම් කරන්න ඔනා කාලකන්නි...
කිසිම වැඩක් නැති කෙනෙක්... තාත්තගේ නම විකුණලා ජීවත් වෙන්නේ. රටට බරක් විතරයි.
ඔළුගෙඩි මාරු කිරීම පටන්ගත්තා වගේ...
තාත්තා හම්බ කරලා තියපුවා මදිද මන්දා
ඔය ඉන්න කීපදෙනාට මොනවා හරි තනතුරු ටිකක් දුන්නා නම් හරි. හවුලට එන්න කිව්වාට පරදින දිනන්න බැරි ප්‍රකාශයට කවුරුවත් එකතු වේවිද?
හොඳයි, පරණ එජාපය නැවත හදන්න එකමුතු වෙලා වැඩ කරන්න. මේ කරුම ආණ්ඩුව පන්නලා දාන්න.
පියා මහවැලියෙන් හම්බ කළ ධනයෙන් පිනට ජීවත්වෙන පිං ගොනෙක්...
තව අවුරුද්දක් විතර යනකොට එජාප සෑම සාමාජිකයකුට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු වෙන්න පුළුවන්. ඒකටත් සාමාජිකයෝ මදි වෙන්නත් පුළුවන්
නුවරඑළිය වැව පාරේ දාපු චණ්ඩි පාට් සහ විදුලි බල මණ්ඩලය සේවකයන්ට දාපු පාට් දාන්න නම් තියා ගන්න එපා හොදේ
ගාමිණී දිසානායක කරපුවයින් කාලක් මෙයාට කරන්න බැහැ