IMG-LOGO

එජාප මැයි රැළියෙන්

(අංජුල මහික වීරරත්න)

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(1)පැවසීය.

පරණ දේශපාලනයෙන් මිදී අලුත් ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයිදින රැලියට සහභාගී වෙමිනි.

අද මෙරට තරුණයන්ගේ පමණක් නොව සියලුම දෙනාගේ අනාගතය නැති වී තිබෙන අතර දැන් ශ්‍රී ලංකාව අරාජික වී හැමතැනම උද්ඝෝෂණ තිබෙන බවත් අද තිබෙන්නේ "ගෝඨා ගෙදරයන්න, රාජපක්ෂවරු ගෙදර යන සටන් පාඨ දෙක පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

ආණ්ඩුව ඇතුලෙත් දැන් කඩා වැටීමක් ඇති වී තිබෙන අතර ඒ කණ්ඩායම සහ සහෝදරයන් අතරත් ඝට්ටන තිබෙන බවත් 2019 ජනාධිපතිවරණයේදී ලැබුණු වරමත් 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු වරමත් දැන් අහෝසි වී ගොස් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වරම කැන්සල් වී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (2)

එජාප මැයි රැළියෙන්

chandima Sunday, 01 May 2022 03:54 PM

කොහොම තිබුණු එජාපයද මේ ඇතුළේ ඉන්න 125 කට සීමා වුණේ..? මේ වගේ නායකයෙකුට රට බාරදෙන්නේ කවුද?

:       0       0

vinivida Sunday, 01 May 2022 07:42 PM

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට සත්‍ය වශයෙන්ම හැකිය. පළමුව නිදහස් අධ්‍යාපනය ලබා ලොව පුරා විසිරී සිටින්නා වූ ශ්‍රී ලාංකිකයින් හට රටේ ආර්ථිකයට පරිත්‍යාග කිරීමට අවස්ථාව ලබාදීමට අනාගත රජයක් යටතේ කළ යුතුවේ. ඔවුන්ගේ දායකත්වයද මේ සඳහා ලබාගැනීම ආර්ථිකයට වැදගත් වේ. දෙවනුව ටැක්ස් වැඩි කරන්නේ නම් සත්‍ය වශයෙන්ම රජයට අවශ්‍ය 14% නම් කළයුතු වන්නේ ලෝකයේ වෙනත් රටවල මෙන් 16% ටැක්ස් වැඩිකළ යුතුබව ප්‍රචාරය ලබාදීම කළයුතු වේ. එවිට දින 5 - 10 අතර කාලයකදී දේශපාලන පක්ෂ, ඒකාබද්ධ සංගම් සහ මහජනතාවගෙන් ලැබෙන්නා වූ ප්‍රතිචාරය මත ඉදිරි පියවර ගත යුතුවේ. සමහර අවස්ථාවන්හිදී ජනතාවගෙන් කිසිඳු ප්‍රතිරෝධයක් නොමැති නම් 16% ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකිවේ. ජනතාවගෙන් ටැක්ස් 16% ක ප්‍රතිරෝධයක් මතුවුවහොත් ටැක්ස් 14% දක්වා අඩුකරන බව පවසා එය ක්‍රියාත්මක කළයුතු වේ. එවිට 14% හෝ 16% ටැක්ස් වැඩිකිරීම අර්බුදයකින් තොරව රජයේ වාසියට සහ ජනතාවට සවන් දෙන රජයක් ලෙස මතයක් ගොඩනැගීමට හැකියාවද පවතී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site