IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප ජනපතිවරණ මෙහෙයුම් ප්‍රධානී නම් කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මෙහයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන,සිරිකොත  විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර්  මහත්වරුන් පත් කර තිබේ. 

මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු කළමනාකරණය  ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.



අදහස් (9)

එජාප ජනපතිවරණ මෙහෙයුම් ප්‍රධානී නම් කරයි

Kazi Shajahan Saturday, 03 February 2024 02:28 PM

තාම ඡන්ද 100ක් නැහැ ආසනයක... මොන මැතිවරණද? මෙදා කවුරු ආවත් අබ සරණයි. වරෙල්ලකෝ මෙහෙයුම් කමිටු හදාගෙන...

:       14       64

Buddika Saturday, 03 February 2024 02:59 PM

වැඩක් නෑ.ලෝකයේ ඉන්න දක්ෂම කෙනා පත්කළත් මිනිස්සු unp එකට ඡන්දෙ දෙන්නේ නෑ...

:       18       65

Rata Perata Saturday, 03 February 2024 04:02 PM

මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් ඡන්දෙ නැතිවුණු කෙනෙක් දාන සෙල්ලම්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලත් හිතෙනවා...

:       10       31

සිල්වා Saturday, 03 February 2024 05:56 PM

මොන කොමිටි දැම්මත් ඔක්කොම ගෝ හෝම් තමයි...!

:       0       0

Nimal Saturday, 03 February 2024 05:57 PM

කකුල් කැඩුණු වයෝවෘද්ධ අශ්වයින් වෙනුවෙන් ඔට්ටු අල්ලන්නේ කවුද?

:       9       24

Prabha Saturday, 03 February 2024 06:18 PM

එතකොට සාගලට ගෙදර දොරේ වැඩකටයුතු විතරද?

:       7       28

Deepal Nirosh Saturday, 03 February 2024 08:04 PM

මෙහෙම හරි ආරංචියක් ලැබුණු එක ඉඩෝරයට වැටුණු වැහි පොදක් කියලා අපේක්ෂාවෙන් බලා ඉඳිමු. හැබැයි ඉතින් ජනාධිපතිවරණය තියෙන්නේ මේ මෙහෙයුම සාර්ථක වුණොත් විතරයි....

:       0       0

Jayarathna Saturday, 03 February 2024 10:07 PM

අපිත් මේ දත කට මැදගෙන බලන් ඉන්නේ ඔයාලා එනකන් තමයි... !

:       0       1

chandima Sunday, 04 February 2024 02:17 AM

පව්, ජනාධිපති නීතීඥතුමා... නිකන් නම සවුත්තු කරගන්න හදන්නේ..? ඡන්දෙ පැරදුණාම කුණු නාමේ අහගන්නත් වෙනවා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site