IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනපති දන්නවා - නාමල්

(නාලක සංජීව දහනායක)

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින්ම දන්නා බවත් තමන්ට එරෙහිව කොතරම් මර්ධනය මුදාහැරියද ආණ්ඩු වෙනසක් සඳහා ජාතික මැතිවරණයක් දිනාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය දියත් කර ඇති සටන අත්නොහරින බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවැසීය.

මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අසාර්ථක යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට ඉඩක් ලැබෙන පළමු අවස්ථාවේදීම ඒ වෙනුවෙන් තමන් ක‍්‍රියාත්මක වන බවත් සඳහන් කළ මන්ත‍්‍රීවරයා එක් පුද්ගලයකුගේ හෝ යම්කිසි කණ්ඩායමක අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් සභාග ආණ්ඩු පිහිටුවීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් නැතැයිද කීය.

සභාග ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව සඳහා ජනාධිපතිවරයා පළමු පියවර තැබිය යුතු බවත් එවැනි සූදානමක් තවමත් නොමැති බැවින් සභාග ආණ්ඩු පිහිටුවීමේ යෝජනාව තවමත් මිරිඟුවක් පමණක් බවත් සඳහන් කළ යම් හෙයකින් එවැනි තීරණයකට එකඟ වන්නේ ජතික මැතිවරණයක් දිනාගැනීමේ අරමුණින් පමණක් බවද පැවසීය.

තමන්ට එරෙහිව කොතරම් මර්ධනය දියත් කළත් එක්සත් ජාතික පක්‍ෂය සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනාධිපතිවරයා හොඳින්ම දන්නා බවත් ඉතාම ඉක්මනින් ජාතික මැතිවරණයක් දිනාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය සටන් කරන බවද කීය. ඒ සඳහා දැනටමත් ගම් මට්ටමින් වැඩසටහන් ක‍්‍රියාත්මක කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බත්තරමුල්ල , නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.



අදහස් (0)

එජාප ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනපති දන්නවා - නාමල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site