IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප අපේක්ෂක හොරොයින් සමඟ අල්ලයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

 පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හෙරොයින් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින්  අද (17 )  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පෝල්ස් මාර්ගයෙ නගර සභා නිවාස වල පදිංචි 54 හැවිරිදි  පුද්ගලයකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හොරෝයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමානයක් සොයාගෙන තිබේ.

ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් රැකවල්ලා සිට මෙම සැකකාර ඒ.ජා.ප.අපේක්ෂකයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මෙම හෙරෝයින් තොගය මන්ත්‍රිවරයාගේ අත රදවා ගෙන තිබු බවත් ඒ වන විටත් එය ගැනුම්කරුවකු ලබා ගැනිමට පැමිණේන තුරු බලා සිටි බවද පොලිස් නිළධාරින් පවසයි.

අදාල සැකකරු මෙයට පෙර අවස්ථා තුනකදී හෙරෝයින් සම්බන්ධ නඩු තුනක් වෙනුවෙන් බන්ධනාගාර ගතවු අයකු බවත් පොලිසිය කියයි.

ඒ සමගම හෙරෝයින් නඩුවක් සම්බන්ධයෙන් වසර 14 කට ආසන්න කාලයක් සිර දඩුවමි විදිමින් පැමින ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබද අනාවරණය කර ගැනිමට අදාල තොරතුරු සොයන බවද වැටලිම කල නිළධාරින් පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරු 17 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.

පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක නිහාල් කුලතුංග මහතාගෙ උපදෙස් මත දුෂණ මර්ධන අංශයෙ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩි.එම්.ටී.පද්මකුමාර මහතා සමග පොලිස් සැරයන් 67614 නිශාන්ත මහතා වැටලිමට එක්ව තිබුනී.

 



අදහස් (8)

එජාප අපේක්ෂක හොරොයින් සමඟ අල්ලයි

අරවින්ද මොණරවිල Friday, 17 February 2023 11:35 AM

න්දය කරන්න සල්ලි හොයාගන්න වෙන්න ඇති.

:       0       4

nanda Friday, 17 February 2023 11:48 AM

හරි ෂෝක්... යූ එන් පී තේරීම් කමිටුව හොඳම අය තෝරගෙන තියෙන්නේ...

:       0       11

sam Friday, 17 February 2023 12:08 PM

එජාපයේ අපේක්ෂකයෝ, පක්ෂ අපේක්ෂකයෝ කුඩු විකුණන අයද? ලැජ්ජා නැද්ද...? කවුද මේ වගේ පාතාලයින්ට නාම යෝජනා දෙන්නේ? පක්ෂය කොච්චර බංකොළොත්ද?

:       0       6

Lalla Friday, 17 February 2023 12:30 PM

රජ්ජුරුවන්ගේ ගෝලයෝ කුඩු විකිණීම සම්ප්‍රදාය වෙන්න බැරිද? කලින් හිටිය මහරජාණන්ගේ මීගමුවේ ගෝලයාගේ ගේ වටලපු වෙලාවේ රජාණෝ නටපු නාටකය මතක නැතිද?

:       1       6

Buddika Friday, 17 February 2023 12:50 PM

ඕන් ඉතින් අපෙ ITN එකට හොඳ නිවුස් එකක්. මේ කියන්නෙ ජනාධිපතිවරයා නායකත්වය දරන පක්ශයද මෙ?

:       0       1

Hafeel Friday, 17 February 2023 01:18 PM

මේ දවස්වල එක්සත් ජාතික පක්ෂය ඉන්නේ පොහොට්ටුවත් එක්ක... ඉතින් බල්ලත් එක්ක නිදාගත්තොත් වෙන දේ දන්නවනේ. අනික මේක වෙලා තියන්නේ රංගේ බණ්ඩාරගේ දිස්ත්‍රික්කයේ. ඒ නිසා ඔහු තමාගේ පුතාට වගේ මේ සිද්ධියටත් කතාවක් හදාවි...

:       2       5

Always break down Friday, 17 February 2023 02:19 PM

UNP එකේ වුවද අනිවාර්යයෙන්ම පොහොට්ටු කාරයෙකි..

:       1       1

සුනිල් Friday, 17 February 2023 03:48 PM

බැරිවෙලාවත් ඒ මනුස්සයා නගරාධිපති උනා නම් එහෙම පුත්තලමෙ හෙරොයින් විතරක් තියෙන සුපර්මාකට් එකකුත් විවෘත කරයි..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site