IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එජාපය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට (2) පැවැත්වේ. 

එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන්  අවසන් තීන්දුවක් ගැනීම උදෙසා මෙම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇත. 

එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය හා පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 වැනිදා  පැවැත්වීමට එජාප  කළමනාකරණ කමිටුවේදී ගත් තීරණය හෙට  පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අනුමත කිරීමට ද නියමිතව ඇතැයි පක්ෂ මහා ⁣ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ සම්මේලනය පැවැත්වෙන ස්ථානය හා සම්මේලනය සංවිධානය කිරීමේ කමිටුව ද මෙම  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී  අනුමත කර ගැනීමට ද සැලසුම් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට මුළු රටම ආවරණය වන පරිදි පක්ෂ බලමණ්ඩල 135 ට වඩා පිහිටුවා ඇති අතර ඉදිරියේදී තවත් බලමණ්ඩල රැස්වීම් පැවැත්වෙනු ඇත. 

සියලු බලමණ්ඩල රැස්වීම් අවසානයේදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිතය.



අදහස් (3)

එජාපය හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැඳවයි

Perera Tuesday, 01 August 2023 01:51 PM

පාර්ලිමේන්තුවට එකඳු මන්ත්‍රී කෙනෙක්වත් ඡන්දෙකින් දිනවාගන්න බැරිවුණ ඔය බංකොළොත් පක්ෂයට මොන කෘත්‍යාධිකාරි රැස්වීම්ද?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 August 2023 02:17 PM

අවසන් පක්ෂ සමුළුව තියපල්ලා, ඊළඟ ඡන්දයෙදී අපි ඕක වළදානවා සහතිකයි...

:       0       0

chandima Tuesday, 01 August 2023 09:26 PM

දැන් මුළු රටේම ජනාධිපති නිසා පක්ෂයේ වැඩවලට යන්නේ නැහැ කිව්වා නේද? මොකද වැඩේ අල කරගෙනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site