
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ධුරයේ වැඩ බාර ගනිමින් අද (10) පැවසුවාය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලබා දුන් අභියෝගය බාර ගත්තේ ඉතා සතුටින් බවද අතුකෝරළ මහත්මිය කීවාය.
තලතා අතුකෝරල මහත්මිය එජාප මහ ලේකම් ධුරයේ වැඩ බර ගන්නා අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ද සහභාගී වූහ.
දෙකට බෙදී සිටින එකම පක්‍ෂයක් වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය දැන් එකට එකතු වීමට කාලය එළඹ තිබෙන බව කී අතුකෝරාළ මහත්මිය නැවත එකතු වන්නැයි සමගි ජන බලවේගයේ සියලු දෙනාට විවෘත ආරාධනයක් කරන බවද පැවසීය.

COMMENTS
නැගිට්ටා නම් නෝනේ, එළිවෙලා...
ඔය වගේ ලොරි ටෝක් කී දෙනෙක් දුන්නාද අප්පා...?
රනිල් ජීවත් වෙනකම් ඒවා බොරු...
ඔබලා දිනුම් කියන්නේ අපි ඉවරයි. ඒක නිසා ඔහොම්ම හිටපල්ලා...
අයියා නැගිටලා එයි වලෙන් ඔය කතා වලට
කෝ අර පුත්තලමේ වොඩ්කා වතුර කරන හාදය. ආරංචියක්වත් නැහැ.
කිසිසේත්ම බෑ. ඔය පොටෝ එකේ ඔබතුමිය ළඟින්ම අත් දිග කමිසයක් ඇඳලා ඉන්න වජිර ඉන්න තුරාවට unp ගොඩ එන්නේ නෑ ෂුවර්... වජිර, අකිල, රවී, සාගල ඉන්නතුරු ගොඩ එන්න නෙවෙයි බඩගාන්නවත් බෑ. රනිලුත් ඉවත්ව ගොස් සජබෙ එක්ක එකතූ වුනොත් විතරයි ගොඩ ඒමක් ගැන සිතිය හැක්කේ...
ඔය පක්ෂෙ ඉවරයි තලතා... නිකන් වැල් බයිලා නොකියා ඉන්න
එක අතකින් මල්වට්ටිය, අනෙක් අතින් කසනවා.. ඔහොම කරලාද බලයට එන්න හදන්නේ?
නෝනෙ ඔය වැඩේට බර කාලයක් යයි නේද? ඒ වෙද්දී ලොක්කා ඉදීවිද?
ටිකක් වේලා යයි මුල් තැන ට එන්න හැරමිටියෙන් යනකම්ම සටන් කරන්න වෙයි අනුර කුමාර ජනාදිපති වෙලා මාස ගානෙන් ඔබලාගේ ලොකු හොරකම්, වංචා ජනතාවගේ මුදලෙන් සැප වින්දා. ජනාධිපති අරමුදලුත් බෙදාගෙන හොරා කෑවා ඔබලා එකෙක් ආවාද? ඒවා සේරම බොරු හරි කියන්න ඔබලාට ආපහු රජ වෙන්න මිනිස්සුන්ට අන් එන්න ඕනෑ... මේකිලාට ලොකුකම ලැබුණොත් ඇති. රනිල් හිතන් ඇති එලදෙනෙක් දාලා බස්සන්න... එයා කරන්නේ ඔය වගේ වැඩ අනුර ජනපතිගේ ක්ලීන් ශ්‍රී ලන්කා පස්සේ කොන්ද කෙලින් ලන්කා කියලා පිට කොඳු ඇටවලට ඇණ ගහනවා නූගතුන්ට කොන්ද නමන්නේ නැතිව තනි තීරණ ගන්න...
යුඑන්පි කියලා පක්ෂයක් දැන් තියනවාද? ලැජ්ජ නැතුව ගෙදරට වෙලා ඉන්න
ඉතිහාසයේ කුණු බක්කිය උරුම මිනිස්සු...
අයියෝ ඒ කියන්නේ ආයිත් රට වලපල්ලට යනවා කියන එකද? ආයිත් අපල කාලයක් ඒවි එහෙනම්.. යන්තම් අවුරුදු 76ක් ඉවර වුණා විතරයි.