(මොහොමඩ් ආසික්)
එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ඉදිරි දින පහ - හය තුළ අහේතුකව අසත්‍ය ප්‍රචාර පතුරවා ඒවා මාධ්‍ය හරහා මුදාහැරීමට පියවර ගෙන ඇතැයි දැන ගන්නට ලැබී ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(08) කීය.
මැණික්හින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද කීය.
“ප්‍රබල අමාත්‍යවරයෙකු තවත් කීපදෙනෙක් සම්බන්ධ කර ගෙන ජනපතිවරණය සම්බන්ධයෙන් මඩ ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචි වෙලා තියෙනවා. ඒවා ඉදිරි දින පහ - හය තුළ ඉතා ප්‍රබලව සමාජ මාධ්‍ය හරහා සහ අනෙකුත් මාධ්‍ය හරහා ඔවුන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අසත්‍ය පුවත් ව්‍යාපාරයක් දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට රටේ ජනතාව උත්තරයක් හොයන්න ඕන. මඩ ව්‍යාපාරයක් ඕන වෙන්නේ ගොඩින් ඇවිත් බැරි නිසයි. මේ වනවිට ඕනෑම එක්සත් ජාතික පාක්ෂිකයෙකුගෙන් ඇහුවොත් කියන්නේ 50ට 50 වගේ නේද තියෙන්නේ කියලයි. ඔවුන්ට කියන්න බෑ ඔවුන්ගේ අපේක්ෂකයා පරාදයි කියලා. ඔවුන්ට කියන්න පුළුවන් හොඳම විදිහ තමයි කරට කර වගේ නේද කියලා. කරට කර නේද කියල කියන්නේ අපේ එකා පරදිනවා කියලා කියන්න බැරි නිසයි. අපි නම් බොහොම් පැහැදිලිව කියනවා 57% ත් 59% ත් අතර ඡන්ද ප්‍රමාණයක් අර ගෙන ලක්ෂ 12 සිට 16 ක් දක්වා වැඩි ඡන්දයකින් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජය ගන්නවා කියලා.
ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනයමින් ඉන්නවා. සුළු ජාතීන් ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ගෙනල්ලා සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්. ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා. බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම් ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න.
ඒ නිසා ඔවුන් මේ වන විට දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙනයමින් ඉන්නවා. සුළු ජාතීන් ඉලක්ක කර ගෙන විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සහරාන්ගේ බිරිඳ ගෙනල්ලා සහරාන් එක්ක තිබුණ සම්බන්ධකම් කියලා ප්‍රකාශ කරන්න සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරෙන් මේ මඩින් යන වැඩපිළිවෙළ මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන අගෞරවයක්. ඒ නිසා හිතන්න එපා මඩ ප්‍රහාර එල්ල කරලා මේ රටේ ජනතාව මුලා කරන්න පුළුවන් කියලා. බොහොම පැහැදිලිව අපි කියනවා අපි සුදානම් ඒ මඩ ප්‍රචාරත් එක්ක මේ රටේ ජනතාවට මුහුණ දෙන්න.
දෙමළ සන්ධානය ඊයේ සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙනව කියලා කිව්වා. මෙන්න තියෙනවා කොන්දේසි මාලාව. මේ කොන්දේසි මාලාව දිහා බැලුවහම යුද සමයේ මාධ්‍ය ප්‍රකාශක වෙලා හිටිය මට හරි දුකක් කනගාටුවක් ඇති වෙනවා. රණවිරුවන් 30,000 කට වැඩිය ජීවිතය පූජා කළා. තවත් 30,000 කට ආසන්න ප්‍රමාණයක් අත පය අහිමි කර ගත්තා. ඒ කාලයේත් ප්‍රභාකරන් තුවක්කුවෙන් බලාපොරොත්තු වුණේ මේකටත් අඩුවෙන්. විශ්වවිද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරනවා මාස තුනක් ඇතුළත මේවා ඉෂ්ඨ කරන්න ඕන කියලා.
ඊයේ සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම කියලා මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න එපා කියලා මේක බලනකොට අපිටම පුදුම හිතෙනවා. මේ වගේ වැඩපිළිවෙළකට සජිත් ප්‍රේමදාස එකඟ වෙන්නේ කොහොමද කියලා මේක කිව්වහම අපිට ජාතිවාදීන් කියලා කතන්දරයක් කියයි. නමුත් අපේ ජාතිවාදය සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර්, මැලේ සියලු දෙනා එක්ව ජීවත් වීමයි. සංහිඳියාව කියන වචනය පාවිච්චි කළත් තමුන්නාන්සේලා සංහිඳියාව දැක්කේ නෑ. සංහිඳියාව නරක දේවල්වලට පමණක් සීමා වුණ කාලයක් තිබුණා. මේ රට කෑලි කෑලි කඩල දෙන්න රටට අහිතකර ගිවිසුම් හදලා මේ රටේ භූමිය අවදානමකට ලක් කරන්න අපි සූදානම් නෑ. 16වනදා ඒ වැඩපිළිවෙළ පරාජය කරන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි නැවත ඉල්ලා සිටිනවා අපිත් එක්ක සටනට මඩින් එන්න එපා ගොඩින් එන්න. අපේ සටන බොහොම පිරිසිදු පැහැදිලි අලුත් රටක් නිර්මාණය කරන්න හොඳට තිබුණ රටකට අද වෙච්ච දෙයක් කියන සටන් පාඨය අද වලංගු වෙලා තියෙනවා. ඒකීය කියන සංකල්පය සිංහලෙන් දාලා තියෙනවා සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ. නමුත් සම්බන්ධන් මහතා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ කියනවා එක්සත් රටක් කියලා. මේ කනගාටුදායක තත්වයෙන් රට මුදවා ගන්නට අපි කටයුතු කරනවා කියන එක කියන්න ඕන” යැයිද මන්ත්‍රීවරයා මෙහිදී කීය.
කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක
අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘එජාපය අසත්‍ය ප්‍රචාර පතුරවන්න අරන්’