(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ.
පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත් කර යැවීමට පක්ෂය සැලසුම් කර ඇත. පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු ද මේ පිරිස අතර සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පත් කිරීමට නියමිතය.
ඊට අදාලව කඩිනමින් සම්මුඛ පරික්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තරනතුරු වෙනුවෙන් පත් කිරීමට ද පක්ෂය තීරණය කර තිබෙි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපය අලුත් මන්ත්‍රීන් පත් කිරීම කඩිනම් කරයි
ranjith Saturday, 25 February 2023 06:07 AM
මේ විදියට වෙන පක්ෂ වලින් ආණ්ඩුවට සහයෝගය දීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවට අලුත් අය පත්කරන එක හොඳයි.
A.R.M thushara chaminda Saturday, 25 February 2023 08:23 AM
කඩිනම් කිරිම ඉතා හොදයි... පක්ෂ නායකත්වය ආරක්ෂා කරන පක්ෂ ප්‍රතිපත්ති අරක්ෂා කරන පුද්ගලයින් පත් කිරිම යෝග්‍ය වේ.. ලකුණු දාගන්න දඟලන සුදු ඇදගෙන අනුන්ගේ වැඩ වලට හොට දාලා පොර වේලා ප්‍ර්‍රභූ වෙන අය දාන්නඑපා.. නැත්තම් අපිට unp පක්ෂිකයින්ට අසාධාරණයක් වෙනවා.. හැම දාමවගේ.... මම සෙංකඩගල ආසනයේ ගගවට කෝරළයේ මහකන්ද කොට්ඨාස සංවිදායක .... වාසනාඅ
Nihal Saturday, 25 February 2023 11:49 AM
UNP කියලා පක්ෂයක් නෑ. ඩී.එස්. බිහිකළා.. රනිල් නැතිකළා. අලුතින් මන්ත්‍රීවරු ඕනෙනම් තොණ්ඩු දාලා තමයි අල්ලන්න වෙන්නේ..!
de silva Saturday, 25 February 2023 10:18 PM
දැනට තිබෙන 2% කට අඩු ප්‍රතිෂයක් සහිත ඡන්ද ටික බෙදා ගන්න දහස් ගාණක් අපේක්ෂකයෝ අවශ්‍යද?
ගලපර Sunday, 26 February 2023 12:47 PM
අද එජාපය කියලා පක්‍ෂයක් ලංකාවේ තියෙනවද? රනිල් පොළවටම සමතලා කරලා වලපල්ලට යවලා තියෙන්නේ... හිකනැල්ලෝ නම් ටිකක් ඉන්නවා නායකයා වටේ වහගෙන.... මහා කුළුණක් වගේ ලංකාවේ තිබුණු විශාලම පක්ෂයකට කරපු විනාසෙට ඔය පින් ගොන්නු ටිකට සාප වෙන්න ඕනෑ.