IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එංගලන්තයේ සහ ලංකාවේ ගංජා මිල ගුණතිලක සසඳයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වර්තමානයේ දී ලංකාවේ රුපියල් 500 කට අලෙවි වෙන ගංජා මිටිය එංගලන්තයේ රුපියල් පන්දහසක් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමා එංගලන්තයේ රැකියාව කළ 2002 වකවානුවේ ගංජා මිටිය ලංකාවෙි රුපියල් එකසිය පනහකට ලංකාවේ අලෙවි වෙද්දී එංගලන්තයේ රුපියල් දෙදාස් පන්සියයක පමණ වටිනාකමකට අලෙවි වූ බව ද ගුණතිලක  රාජපක්ෂ  මහතා සඳහන් කළේය.



අදහස් (10)

එංගලන්තයේ සහ ලංකාවේ ගංජා මිල ගුණතිලක සසඳයි

Perera Wednesday, 16 November 2022 01:57 PM

එහෙම නම් ඉතින් තේ වතු, රබර්වතු... ගංජා වතු කරලා... රට පටවමු ගංජා... ගංජා නම් සල්ලි තමයි.. නේද මන්ත්‍රීතුමෝ?

:       2       19

Praba Wednesday, 16 November 2022 02:01 PM

ගංජා භාවිතය නිසා උග්‍ර මානසික රෝග හැදෙනවා. ඒක අපේ රටේද, පිට රටකද අදාළ නෑ. තමන් තමන්ගේ දරුවට ගංජා දෙනවද?

:       5       20

මරිසිපාලWednesday, 16 November 2022 02:22 PM

පරංගි, ලන්දේසි හා ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගෙන හිටපු කාලයේ සිංහලුන් ඔවුන්ට ගහන්න යන්න ඇත්තේ ගංජා ගහලා ඇතිවූ මානසික රෝග නිසා වෙන්න ඇති නේද? අපට නිදහස ලැබුණු 1948 ට ආසන්න වෙනතුරුම සුද්දාවත් ලංකාවේ ගංජා නැත්නම් කංසා තහනම් කළේ නැහැ.... ඒක කලෙත් එක්දහස් නවසිය හතලිස් ගණන්වල තමයි ප්‍රභා පොඩ්ඩක් මුල්ලේරියාව පැත්තේ ගොස් පරීක්ෂණයක් කරගන්න...!

:       6       8

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 November 2022 02:08 PM

මේ රටේ සමහර දේශපාලනඥයින් හට ගංජාවලට පිටින් මුකුත්ම හිතෙන්නේ නැහැ. හිතන්නත් බැහැ. ගංජා වලට හොඳ මිලක් පිටරට ඇති. ඒත්, ගැටළුව ඒක නෙමෙයි. මේ රටේ කුඩු හසුවන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින්. එහෙව් එකේ ගංජා වලට අවසර දී වගා කළොත්, කුඩ්ඩන් පාතාලයින් හොඳ නැටුම් නටාවි. මේ වනවිටත් මේ රටේ කුඩු උවදුර හරිහැටි පාලනය කිරීමට නොහැකිව තිබියදී ගංජා ගැන කුමන කතාද? මේ රටේ පොල් ලෙල්ල, කට්ට, අඟුරු, කොප්පරා ඇතුළු පොල් නිෂ්පාදන, තේ හා සුළු අපනයන බෝගවලින් කෙරෙන අපනයනය හරිහැටි වැඩදායක අන්දමින් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ සිටින ඔළුගෙඩි වලට හරිහැටි දැනීමක් හැකියාවක් නැහැ. මේ රටේ එක කොස් ගෙඩියක් එංගලන්තයේ විශාල මුදලක් වෙනවා. ඒත්, ඒ ගැන නිසි පරිදි දැනුමක්, හැකියාවක් රට පාලනය කරන අයට හෝ අනිත් දේශපාලකයන්ට නැහැ. රට ගොඩගන්න පුළුවන් බොහෝ දේ හා මාර්ග තියෙනවා. ඒත්, කරුමය කියන්නේ, පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඒවා ගැන මේ ලෝකේ දැනුමක් හා හැකියාවක් නැති එකයි. දැන් හැමදේටම එකම විසඳුම ලෙස ඉදිරිපත් කරන්නේ ගංජා තමයි. හොඳට තිබූ රටකට ගිය කලක්. රටම හොරා කෑ දූෂිතයින් අල්ලා ගැනීමට කටයුතු කරන්න කිසිවෙකුට කිසිම උවමනාවක් නැහැ. කම්බා හොර නඩය සුවසේ නිදැල්ලේ...!

:       3       19

Gamini Wednesday, 16 November 2022 03:00 PM

එංගලන්තෙ බිස්නස් කරගෙන ඉන්නෙ නැතුව ඇයි ලංකාවට අවෙ.

:       1       14

ගමේ එකාලා Wednesday, 16 November 2022 03:52 PM

මෙතුමාට කතාකරන්ඩ ගන්ජා මිසක් රටේ වෙන වැදගත් ප්‍රශ්න මොකුත්ම නැතුව ඇති.

:       3       10

Rexi Wednesday, 16 November 2022 04:10 PM

ගන්ජ ගහන උන් තමා ගනන් දන්නෙ

:       2       16

ranjith Wednesday, 16 November 2022 04:19 PM

ඉඳකින් විතරක් කියලා කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද?

:       0       5

fairoos Wednesday, 16 November 2022 05:56 PM

නන්දසේනත් එකතු වුණොත් තමයි හොඳ... රට වනසපු සෙට් එකට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ..

:       0       3

shan Wednesday, 16 November 2022 08:45 PM

මත් ද්‍රව්‍ය පරිභෝජනය කළ මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිති!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site