IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එංගලන්තයේ කෝවිඩ් - 19 මරණ දෙගුණ වෙයි

කෝවිඩ් - 19 වයිරසය හේතුවෙන් එංගලන්තයේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබේ. මේ වන විට කෝවිඩ් -19 වයිරසයෙන් මියගිය එංගලන්ත වාසීන්ගේ ගණන 21 ක් වී තිබේ. ඊයේ (13 වැනිදා) රාත්‍රියේදී පමණක් 10 දෙනකු මියගොස් ඇත. තවත් 320 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වන විට කෝවිඩ් -19 වයිරසය ආසාදනය වූ එංගලන්ත වාසීන්ගේ සංඛ්‍යාව 1140 කි.

මෙම අද (14 වැනිදා) එංගලන්ත වේලාවෙන් පස්වරු 2.40 වන විට තිබූ තත්ත්වයයි.

තත්ත්වය එන්න එන්නම අයහපත් අතට හැරීම හේතුවෙන් එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් මහතා ලබන සතියේ සිට සියලුම ආකාරයේ මහජන රැස්වීම් අවලංගු කරන ලෙස නිවේදනය කළේය.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන මහාචාර්ය ක්‍රිස් විටී මහතා ප්‍රකාශ කළේ මෙතෙක් මියගොස් ඇත්තේ අවදානම් කලාපයේ සිටින රෝගීන් බවයි. ඊයේ රාත්‍රියේ සිටි කෝවිඩ් - 19 රෝගීන් සංඛ්‍යාව අද දහවල් වන විට 1140 දක්වා ඉහළ ගොස් තිබිණ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මේ වන විට කොරෝනා (කෝවිඩ් - 19) රෝගයේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇති බවයි.

මේ අතර එංගලන්ත ව්‍යාපාරිකයන්ගේ අදහස වී ඇත්තේ තම තමන්ගේ ආයතන සේවකයන් නිවසේ සිට රැකියා කිරීමට පහසුකම් සපයා දිය යුතු බවයි.

කොරෝනා වයිරසය ආසාදිත යයි සැක කටයුතු රෝගීන් කිසියම් නිශ්චිත කාලයක් තුළ පොලිසියේ රඳවාගැනීමට පොලිසියට බලය පැවරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ. වයිරසය පැතිරීම පාලනය කරගැනීමට ඊට වඩා දෙයක් වුවද කළ යුතුවන බව එංගලන්ත බලධාරීන්ගේ මතය වී තිබේ.
 



අදහස් (1)

එංගලන්තයේ කෝවිඩ් - 19 මරණ දෙගුණ වෙයි

මුණසිංහ Sunday, 15 March 2020 01:02 AM

ඇමරිකාවේ දෙබිඩි පිළිවෙත හෙළි වී හමාරයි. සියලුම රට වලින් ගුවන් ගමන් තහනම් ඇමරිකාවට. හැබැයි එංගලන්තයට හැර. ඇයි ඒ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31261 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13443 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site