IMG-LOGO

එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව එළියට

(අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානියට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10) පිළිගන්වනු ලැබීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අදාළ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද පිළිගැන්වීමට කටයුතු කරන බවයි. 

මෙම විශේෂඥ කමිටුව නියෝජිතයන් 40 දෙනකුගෙන් සමන්විත වේ. එහි සම සභාපතිවරුන් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය අජිත් ද සිල්වා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන් කටයුතු කර තිබේ.

මෙම කමිටුව වසර එකහමාරක කාලයක් නෞකා අනතුර සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ සිදුකර මෙම වාර්තාව සකස් කර ඇත.



අදහස් (5)

එක්ස්ප්‍රස් පර්ල් හානි වාර්තාව එළියට

sharm warn Tuesday, 10 January 2023 03:25 PM

ඩොලර් ටිකක් කන්න ලැබෙනවා කියලා දැනගත්තම කප්පම් කාරයකුට තියන සතුට දැක්කම ආසාවේ බැහැ අනේ

:       0       0

Hafeel Tuesday, 10 January 2023 04:17 PM

මේ රටේ ඉතිහාසයේ කොච්චර වාර්තා අවසන් කලත්, අගතියට පත් වූ පාර්ශවයන්ට වන්දි ලබන්නත් නැහැ, වැරදිකරුවන්ට දඬුවම් ලබන්නත් නැහැ, ඔවුන්ගෙන් පාඩුව අය කරන්නත් නැහැ. මෙවැනි කමිටුවලට අනවශ්‍ය මහජන මුදල් නාස්ති කරන්න එක පමණයි වෙන්නේ. චන්ද්‍රිකාගෙන් පටන්ගත්තු සූරියකන්ද, බටලන්ද කොමිසමේ ඉඳල අද දක්වා වාර්තාවල් යටපත් වෙනවා මිස යුක්තිය ඉටු වෙන්න නම් නැහැ.

:       0       1

Lalith M Tuesday, 10 January 2023 04:53 PM

කන්දක් විලිලා මී පැටියෙක් වැදූ කතාව වගේද? මේ කිසිවෙකුට මෙවැනි විනාශ ගැන දැනුම නෑ කියල නැව 80% රත්වෙලා තිබුන කියල ඇමති ඒ කාලේ කියපු කතාව සාක්ෂියක්.

:       0       1

Gag Tuesday, 10 January 2023 06:20 PM

මල් වට්ටියට වගේ අතගහගෙන ඉන්න හැටි. මුන්ට ලැජජ නෑ.

:       0       1

Jagath Tuesday, 10 January 2023 07:10 PM

හොර සෙට් එක. ඔය ලබ්බ වහලා දැම්මා නම් හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site