IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


‘එක්ස්ප්‍රස් පර්ල්’ සුන්බුන් ඉවත්කිරීම අරඹයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරාය ආසන්නයේ මුහුදුබත්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්කිරීම ආරම්භ කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම නෞකාව අදියර පහකින් ඉවත්කිරීමට විදේශීය නෞකා කැබලි කරන සමාගමක් මේ වන විට ආරම්භ කර ඇති බවත් කොළඹ වරාය ආසන්නයේ ඇති ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව දෙපසින් උපකරණ සහිත කුඩා නෞකා දෙකක් ද මේ වන විට ස්ථානගත කර ඇති බවත් එම නිලධාරියා කීය.

මුහුදු පතුගේ ගැටී ඇති නෞකාව දොඹකර මගින් ඔසවා ඉන්දියාවට, පාකිස්තානයට හෝ බංග්ලාදේශයට රැගෙන යෑමට නියමිත බව කී එම නිලධාරියා මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.

රසායනික ද්‍රව්‍ය අඩංගු බහලුම් ඇතුළු බහලුම් 1,500 කට ආසන්න ප්‍රමාණයක් සමඟ මෙම නෞකාව පසුගිය වසරේ මැයි මස 20 වැනිදා කොළඹ වරායට වයඹ දෙසින් මුහුදේදී ගිනිගැනීමට ලක්ව මුහුදුබත්වූ අතර පසුව එම නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්කිරීමට යෑමේදී මුහුදු පතුලේ ගැටීමෙන් ඉවත්කිරීම ඇනහිටියේය.

 

 



අදහස් (0)

‘එක්ස්ප්‍රස් පර්ල්’ සුන්බුන් ඉවත්කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site