
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වන අයුරින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 2 වැනිදා මෙරටින් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 44 ක තීරු බද්දක් පනවනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාප හරහා ව්‍යවසායන් 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්දෙන් මෙරට ආර්ථිකයට ඇති කළහැකි විනාශකාරී බලපෑම පිළිබඳව අනතුරු ඇඟවීමක් පසුගියදා සිදු කළේය. එම සංගමයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ඇඟලුම්, තේ සහ රබර් කර්මාන්තය ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ තරඟකාරීත්වය අඩුවීම නිසා ඇතිවිය හැකි අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
charith Monday, 07 April 2025 09:24 AM
මෙය නිකන් හෑසිරෙන්නෙ ලෝක පාලක දිවියො වගේ. ඔක්කොම රටවල් එකතු වෙලා කිසිම දෙයක් සප්ලයි නොකර හිටියනම් හරියට හරි. එතකොට සුද්දන්ට කන්නත් නෑ, බොන්නත් නෑ, අදින්නත් නෑ......
Akila Monday, 07 April 2025 09:53 AM
මන් දැක්ක සිංගප්පූරු අගමැති ජාතිය අමතල විශේෂ ප්‍රකාශයක් කරා. එරට වැසියන්ට අසීරු කාලෙකට මුහුණ දෙන්න සූදානම් වෙන්න කියල ,ඒ ගොල්ලොන්ට ගහල තියෙන්නේ 10% බද්දක් විතරයි , එත් 44% ගහල තියන බංකොලොත් රටේ ජනාදිපති ට සහ අගමැති ට නම් ඒ ගැන වගේ වගක් නැහැ වගේ හැසිරෙන්නේ
සිල්වා Monday, 07 April 2025 10:24 AM
අපේ අපනයනකරුවන්ට වගේම ඇමරිකානු ආනයනකරුවන් සහ පාරිභෝගික ජනතාව ද බොහොම කලබලයට පත්ව සිටිති. මෙම තත්ත්වය යටතේ ලාංකික අපනයනකරුවන් ඇමරිකානු ආනයනකරුවන් කෙලින්ම සම්බන්ධ වී සාකච්ඡා කලයුතුය. මෙම ක්‍රියාදාමය දැනටමත් බංග්ලාදේශය ආරම්භකර තිබෙනවා.
යෝගා Monday, 07 April 2025 10:39 AM
පහුගිය මාස කිහිපය තුලම මේ අවදානම බොහෝ අය පෙන්වා දුන්නා. ආණ්ඩුව කිසිම සූදානමක් උනේ නෑ. සමහරවිට රේගුවෙන් පන්නපු කන්ටේනර් 323න් කට්ටිය පරම්පරා ගණනාවකට හොයාගෙන ඇති. රටේ ආර්ථිකයට මොනවා උනත් මොවුන්ට කමක් නෑ.
xxxx Monday, 07 April 2025 10:55 AM
කරුණාකර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිෂ්පාදන සඳහා ලෝකයේ නව වෙළඳපොළවල් සොයා ගන්න.
සැලැස්මක් නැති පාලනේ Monday, 07 April 2025 11:21 AM
අපේ රටේ නම් ඉන්න පාලකයෝ මහ මැටි තීරණ ගත්තේ. ට්‍රම්ප් ඡන්දේ ඉල්ලන කාලේ ඉඳන්ම කිව්වා බදු ගහනවා කියලා. මාලිමාවේ අය අඩුගානේ ජූලි ඡන්ග් එක්ක වත් මේ ගැන කතා කරලා තිබුනේ නෑ. ඒක ඉතාම අදූරදර්ශී හැසිරීමක්. මේ පාලකයින්ට දේශපාලනය ගැන කිසිම අවබෝධයක් නෑ. මෙහෙම ගියොත් රටේ ආර්ථිකය ආපහු ගොඩ ගන්න බැරි විදියට වැටෙනවා. එතකොට තමයි ලංකාවේ මැට්ටන්ට තේරෙන්නේ රටේ ආර්ථිකය වැටුනේ හොරකමක් නිසා නෙමෙයි, කොරෝනා වෛරසය නිසා රට වහපු එකෙන් කියලා...
AkilaMonday, 07 April 2025 03:02 PM
@Mr සැලැස්මක් නැති, IMF වාර්තා වලට අනුව ලංකව 2020 මාර්තු වෙනකොටත් බංකොලොත්, එතකොට කෝවිඩ් වයිරස් එක ලංකාවට අවිල්ලාවත් නැහැ... ඔලමොට්ටල බදු කැපිල්ලෙන් තමයි ඒක වෙලා තිබ්බේ...