IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ


(ජනක පිටිගල නිව්යෝර්ක් නුවර සිට)
 
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මෙවර එහි තේමාව වූයේ ‘දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය, පාරිසරික සංවර්ධනය සඳහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම’ යන්නයි.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ශේනුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී නිත්‍ය නියෝජිතවරිය සවුදි අරාබිය, දකුණු කොරියාව, මාලදිවයින හා අයර්ලන්තය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් මුණගැසුණාය.



අදහස් (6)

එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව ඇරඹේ

ලුම්බිණි Wednesday, 25 September 2019 05:47 AM

මොකද්ද රටට ඇති පලේ?

:       2       114

පිටිගල මිලානෝ Wednesday, 25 September 2019 06:15 AM

ලංකාවේ දුගීකම ගැන කතාකරන්න ගිහින් ඉන්න මේ අයත් යැපෙන්නේ ලංකාවේ දුගීකමට එකම හේතුව වන දුෂිත දේශපාලකයින්ගේන්මයි. ඉතින් කොහොමද මෙම සමුළුව සාර්ථක වෙන්නේ?

:       0       106

upali Wednesday, 25 September 2019 06:45 AM

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ඇතුළු දූත පිරිස රටේ සල්ලි කනවා හැරුණු විට රටට ප්‍රයෝජනවත් දෙයක් කරයිද?

:       0       131

Raveendra Wednesday, 25 September 2019 11:20 AM

අප කැමතියි.. ප්‍රසිද්ධියේ අපගේ මව්බිම නියෝජනය කරන මෙම කාන්තාවන්ගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. ඔබල නිත්‍ය නියෝජිතයන් වශයෙන් මෙතෙක් රට වෙනුවෙන් ලබාගත් කිනම් හෝ වැඩදායි යමක් තිබේද, එසේ තිබේනම් ඒ මොනවාද ආදී වශයෙන්. මොකද මේ ස්ත්‍රීන්ද අපගේ රට නියෝජනය කරමින් සුර සැප විදින්නෙත් විදේශවල තමන්ගේ ලේ කදුළු දහදිය වගුරමින් උපයා ඒ අහිංසක ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය නිසා බැවිනි. කෙටියෙන් කියනවා නම් 225ම තුන්වේල ගිලදමන්නේ ඒ මිනිසුන්ගේ ලේ කදුළු වගුරා සොයන මුදලින් බැවිනි.

:       0       106

Kumar Wednesday, 25 September 2019 06:01 PM

කොටුවෙ දුම්රිය පොලේ වැහි වතුර ඉවත් කිරීමට ඇති නල සහ අනෙක්දේ පිරිසිඳු නොකිරීමෙන් ඇති වුන දෙයක් වෙන්න ඕනෙ. මීට පෙර මෙවැනි දෙයක් සිදුවෙලා තිබුනේ නැහැනේද. මොනවා කරන්නද තම වැටුප ගෙන තමාගේ රාජකාරිය ඉටු නොකිරීමෙන් සිදුවෙන දෙයක කදිම උදාහරණයක්.

:       0       0

chandima Thursday, 26 September 2019 02:47 AM

මේගොල්ලෝ මෙහෙ සමුළු වලට සහභාගි වෙන අතරේ අපේ හමුදාපති පත්කලට එක එක සම්බාධක දානවා. හමුදාපති පත්කිරීම රටක අභ්‍යන්ර. කටයුත්තක්. එව්වට ඇඟිලි ගහන සංවිධානයක සමුළු වලට රටේ ධනය වියදම් කරලා මොනවට සහබාගි වෙනවද? කොන්ද පණ ඇති ආණ්ඩුවක් තිබුන නම් ඒකට විරෝධය දක්වල සමුළුවෙන් නැගිටලා එන්න කියනවා. නමුත් අපේ රටේ ඉන්නේ රුකඩ ආණ්ඩුවක් නිසා එහෙන් නුල අදින පැත්තට තමයි නැමෙන්නේ.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site