IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  නිමාලි කහවල)

සිය එකම සහෝදරියගේ විවාහ මංගල්‍යයේ සුබපැතුම්පත් හා මංගල ඡායාරූපය මනාලයාගේ පියා සමඟ  යතුරුපැදියෙන් රැගෙන එමින් සිටියදී සිදුවූ අනතුරකින් සහෝදරයා මියගොස් මනාලයාගේ පියා බරපතල තුවාල ලබා ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි 

අනතුරින් මියගොස් ඇත්තේ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි හඳපාන්ගොඩ ජාතික පාසලේ   10  වන වසරේ ශිෂ්‍ය නායකයකු ලෙස කටයුතු කළ බිම්සර ප්‍රබෝද් රණසිංහ නැමැති 15 හැවිරිදි සිසුවකු බව පොලිසිය කියයි.

විවාහ මංගල්‍යය දෙපාර්ශවයේම සහභාගිත්වයෙන් අද (25) එකම දිනක දී පවත්වා ඇති අතර  මනාලිය මනාලයාගේ නිවසට ඇරල වීමෙන් අනතුරුව මනාලයාගේ පියා සහ මනාලියගේ සහෝදරයා සුබපැතුම්පත් සහ මංගල ඡායාරූප රැගෙන යතුරුපැදියෙන් කුරණ මාර්ගයේ පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

 ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කුරණ  බෑවුම් ප්‍රදේශයේදී    පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කානුවට වැටී  ඉදිරියට ගොස් අනතුරුව කොන්ක්‍රීට් ලෑල්ලක ගැටී තවත් මීටර් පහළොවක් පමණ ඉදිරියට ඇදී ගොස් කොස් ගසක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

ඔවුන් දෙදෙනා රැගත් යතුරු පැදිය කාණුවට වැටීමට පෙර අන්නාසි ගාලක ගැටී ඇති අතර එහි තිබූ අන්නාසි ගෙඩියක් මීටර් හැටක් පමණ දුරකට විසිවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා සහ අනෙක් අය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් තිබූ අතර අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.

පානදුර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ  සහකාර පොලිස් අධිකාරි උදය කුමාර  මහත්වරුන්ගේ උපදෙස් මත ඉංගිරිය පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත  චන්ද්‍රලාල් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් පි විතාරණ පොලිස් කොස්තාපල් 61586  චතුරංග මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

එකම සහෝදරියගේ විවාහය දා සහෝදරයා අවසන් ගමනේ

ගමේ එකාලා Thursday, 25 May 2023 08:55 PM

හරිම කණගාටුදායකයි. පුතේ ඔබට අමා මහ නිවන්සුව අත්වේවා..!!! 

:       0       5

ලුම්බිණි Friday, 26 May 2023 06:31 AM

ලයිසන් ගන්න අවුරුදු 18 වෙනකම් ඉන්න කියන්නේ ඇයි කියලා තරුණ දරුවෝ තේරුම් ගත්තොත් හොඳයි. නිවන් අවබෝධ වේවා!

:       0       5

නීල් Friday, 26 May 2023 12:06 PM

ගිහින් තියෙන වේගය හිතාගන්න පුළුවන්... අන්නාසි ගෙඩිය ගිහින් තියෙන දුර ගැන හිතපුවාම. මාමණ්ඩිය වත් කීවේ නැද්ද හෙමින් පරෙස්සමින් යමන් පුතේ කියලා... ඔබ‍ට නිවන් සුව පතමු...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site