
(සුමිත් පොතුපිටිය)
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
එකම අංකයෙන් ධාවනය වන මෝටර් රථ දෙකක් ඇති බවට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත, අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාර මහතාගේ සැලසුමකට අනුව මත මෝටර් රථ දෙහිවල මුහුදු මාවතේ සහ කැලණිය දළුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සහ අධිකරණ කටයුතු සදහා ජීප් රථ දෙහිවල පොලිසියට භාරදී තිබේ.
මෙම මෝටර් රථ දෙක අතුරින් ව්‍යාජ මෝටර් රථය කුමක්ද යන්න සොයා බැලීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, රජයේ රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොලිස්පති තුමාගේ උපදෙස් පරිදි මෙසේ නීතිවිරෝධී වාහන අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හිටපු පාර්ලිමේන්තු ඇමැති කෙනෙක්ගේද දන්නේ නෑ? පයාගල පැත්තේ රෝහිත වගේ...