IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න

(රෝෂන් තුෂාර)

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (25)නියෝග කළේය.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නැව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා විසින් නැවේ මෙහෙයුම් කටයුතු කළ දේශීය නියෝජිත ආයතන දැනුවත් කර ඇත්ද?එසේ දැනුවත් කලේ නම් එම දත්ත දේශීය ආයතනය නියෝජිතයින් විසින් මකා දමා ඇත්ද යන්න පිළිබඳව සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

නැව ගිනි ගැනීමට පෙර නෞකාවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනය දැනුවත්කර ඇත්ද? නැද්ද? යන්න පිළිබඳව වාර්තාවක් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය මගින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය නඩු වාරයේ ඉදිරිපත් කළ අතර එම වාර්තාවද විත්තිකරුවන්ට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

 



අදහස් (2)

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න

Prabha Thursday, 25 April 2024 11:32 PM

කට්ටියගේ සාක්කු parabola අශ්වයා පැනලා ගිහින් ගොඩක් කල්

:       0       6

Hafeel Friday, 26 April 2024 02:23 PM

එදා මෙම නැව රටින් පිටමන් කරන්න අනුබල දුන්නු කෙනා, අද සජිත් ළඟට ගොඩවෙලා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site