IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’එකට සිටිමු’’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

"එක්ව සිතන්න, එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමීව දියත් කෙරුණු  "එකටසිටිමු"   ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව ක්‍රියා කළයුතු බව තරයේ විශ්වාස කරමින් රට වෙනුවෙන්  "එකටසිටිමු" ක්‍රියාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය තිබුණි.

"එකටසිටිමු"  සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප්‍රවීන මෝටර් රථ ධාවන ශුරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුථ පිරිස විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

"එකටසිටිමු" ක්‍රියාන්විතය දියත් කිරීමේ තාක්ෂණික උපකරණ ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වූයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අතිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, යුද හමුදාපතිලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (8)

’’එකට සිටිමු’’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ ජනපතිගේ ප්‍රධානත්වයෙන්

කන්ජිපානි ඉම්රාන් Wednesday, 13 February 2019 01:56 AM

අඩුම ගානේ උතුරේ ඉස්කෝලවල දෙමල සිසුන්ට සිංහල උගන්වන්න කියන්න .දකුණේ සිංහල දරුවන්ට දෙමල උගන්වනවා නම් උතුරේ මොකද බැරි .

:       0       138

d.upul Wednesday, 13 February 2019 03:15 AM

මේවා විහිළු. නිදහස ලබල අවුරුදු 71ක් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම හිටියේ එකට තමයි. කැබලි කැබලි කැඩිලා කුලල් කා ගන්නේ කව්ද කියල ලෝකෙම දන්නවා.ජන්දෙට ලෑස්ති වෙනවනම් ඒක කරගන්න. ඒත් අපිව ගොනාට අන්දන්න හදන්න එපා.

:       0       124

smn Wednesday, 13 February 2019 05:58 AM

චේතනාව බොහොම හොඳයි. නමුත් එය මැතිවරණවලට එහා ගිය දේශය පිළිබඳ පුළුල් අරමුණක් සහිත වූවක් විය යුතුයි.

:       0       12

jagath Wednesday, 13 February 2019 08:05 PM

එකට සිටිමු හොරෙන් අගමැති පත්කරමි..... වැදිබණ

:       34       1

irondi Wednesday, 13 February 2019 08:07 PM

2015 වේ ජනවාරි 8 මතකද ...? එකට සිටිමු කියලා මෙයාට කියන්න දිවක් තියෙනවා ද ...?

:       15       1

tharidu Wednesday, 13 February 2019 08:08 PM

එකට සිටිමු කියලා කියන්න මෙයා ට අයිතියක් තිබේ ද ....?

:       16       1

Chanak los angeles Wednesday, 13 February 2019 09:03 PM

එකට හිටගමුයි කීවාට සමහරු කියන්නේ මමනම් අන් ජාතිකයන්ගේ කඩයකටවත් යන්නේ නැහැ කියලයි ..

:       0       1

චින්තා කුමුදිනි Thursday, 14 February 2019 05:20 AM

මේවායේ ප්‍රචාරක වැඩ අර ජනපති පවුලේ ඇඩ්වටයිසින් ආයතනයට නම් දෙන්න එපා. කෝටි ගණං මුදල්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site