(එස් ඩී කොඩිකාර )
වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ තෙලිජ්ජවිල පදිංචි (75) හැවිරිදි තිදරු පියෙකු බව පොලීසිය සඳහන් කරයි.
පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා සිය නිවසේ සිට මිරිස්ස ප්‍රදේශයට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගය හරහා එකවරම ඌරෙකු ගමන් කල බවත් එම ඌරාගේ ඇගෙහි වැදුනු යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයේ ඇදවුටුනු බවත් යතුරු පැදිය පැදවු ජීවිතක්ෂයට පත් වු පුද්ගලයාගේ පුත්‍රයා පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබු තුවාලකරුවන් වැලිගම වලාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලිසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි