IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


උ.පෙ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල

(අංජුල මහික වීරරත්න)

අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය විදේශීය විශ්ව විද්‍යාල වල හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමේ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව '' ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක් " නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථයක් කිරීම උදෙසා අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඉහළින් සමත් වූ සිසුන්ට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණි ගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාල වල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම සිදු කෙරෙන විදේශීය විශ්ව විද්‍යාල වෙතින්  උපරිම වසර 4ක් සඳහා උපාධි පාඨමාලා සම්පූර්ණ කිරීමට ශිෂ්‍යත්ව  ප්‍රදානය කිරීමට යෝජිතය.

එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය. 

අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z - score) සහිත සිසුන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි. එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත  සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදු කරනු ලබයි. 

ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාසන සහ වෘත්තීය අධ්‍යාපන අමාය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (7)

උ.පෙ ඉහළින් සමත් සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාල

මාලිමාපෙන්දා Wednesday, 02 July 2025 12:30 PM

රටේ විශ්වවිද්‍යාල රටේ ළමයින්ට වහලා , විදේශ වලට යවනවා. ඒකත් පට්ට

:       8       17

පැරදුන හොරුන්ගේ ඇබිත්තයාWednesday, 02 July 2025 01:44 PM

හිතේ දුකට එතකොට කවි කියවෙනවා

:       0       13

Neel Wednesday, 02 July 2025 12:50 PM

අපරාදේ සයිටම් එක වැහුවේ කියලා දැන්වත් අවබෝධ වෙනවනම් ලොකු දෙයක්.....

:       3       10

Reza Wednesday, 02 July 2025 12:53 PM

බුද්ධි ගලනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු ලැබේ. මේ ළමයින්ව අවුරුදු ගානක් රටේ මුදලින් උගන්වලා (රජයේ පාසල් සිසුන්) ඉන්පසු රටේ මුදල් පිටරටට ඇරලා උගන්වලා ඔවුන් ආපසු ලංකාවට ගෙන්වාගෙන සේවයක් ලබා ගන්නවද?. ලංකාවේ පොදු යහපත මේ ක්‍රමයෙන් සැලසෙන්නේ කොහොමද. රටේ පොදු මුදල් අවභාවිතය වළක්වන පිළිවෙලක් දියත් කරන ලෙස ඉල්ලා සිටිමි.

:       1       13

nipuna Wednesday, 02 July 2025 01:28 PM

ඉස්සරත් විදෙස් ශිෂ්‍යත්ව දුන්න, හැබැයි ඒවයින් රට ගිහින් ඉගෙනගත්තෙ ගොඩක් දුරට බල පුළුවන්කාරයොන්ගේ දරුවො.

:       2       12

Asela Wednesday, 02 July 2025 05:03 PM

මේ වැඩකට නැති ආණ්ඩුව මෙහෙයවෙන්නේ වැඩකට නැති මෝඩයෝ. කොහොමත් උසස් පෙළ සුදුසුකම් ලත් අයට රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙන්න පුළුවන්. විදේශ අනුබද්ධිත විශ්වවිද්‍යාල හරහා පවා උසස් අධ්‍යාපනය දිගටම කරගෙන යාමට රාජ්‍ය ණය ලබා දීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය මග හැරුණු අයට ඉඩ සලසන ක්‍රමයක් තිබිය යුතුයි. පෝලිම එතරම් දිගු හෝ කළ නොහැකි තරම් දිගු ය. වෛද්‍ය අධ්‍යාපනය සඳහා දේශීය ශිෂ්‍යයෙකු සඳහා මෙම වැඩකට නැති ආණ්ඩුවේ කුප්‍රකට මෝඩ බූරුවෙකු ගත් අහංකාර තීරණයක් නිසා KDU දැන් වසා දමා ඇත.

:       0       0

ගුණරත්න Wednesday, 02 July 2025 07:24 PM

මේ ආණ්ඩුව සල්ලි පුච්චන විදි තමයි බලන්නේ, KDU එකේ පෞද්ගලිකව ඉගෙනගන්න දුන්නා නම් එක අවුරුද්දක කණ්ඩායමකින් රුපියල් බිලියන 2ක ආදායමක් ලැබෙනවා. මේ විදියට ළමයින්ට ශිෂ්‍යත්ව දුන්නත් උන් ආපහු එනබවට වග බලාගන්නේ කවුද? ආචාර්ය උපාධි විශේෂඥ උපාධි වලට ගිහින් ගල් වුණු පිරිසට තව පිරිසක් එකතු වෙන එක තමයි මේ වෙන්නේ. අන්තිමේ රටේ වියදමින් පෙර පාසලේ ඉඳලා උගන්වල ධනවත් රටවලට බුද්ධිමතුන් සැපයීම තමයි අපි කරන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2245 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1678 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site