IMG-LOGO

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා


උහන වන සංහාරයක්

( වසන්ත චන්ද්‍රපාල)

අම්පාර  උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ  වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ  රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව  ප්‍රදේවාසීහු පවසති.

ප්‍රදේශවාසින්ගේ ලද තොරතුරු අනුව පසුගිය දින මෙම රක්ෂිත වනාන්තරය තුළ සංචාරය කිරීමේ දී මෙම වන විනාශය දැක ගැනීමට හැකිවිය.

සමන්ගල රක්ෂිතය ආසන්නව වසර ගනණකට පෙර ප්‍රදේශයේ ජනතාව හේන් වගා කළ අතර පසුව පත් වූ විවිධ රජයන් මඟින් එම  හේන්  ජනතාවට වගා  කිරීමට අවසර දෙනු ලැබිය. පැරැණි හේන් වගා කරන ලද භුමි හේන් වගාව  සදහා ම වෙන්කර දී තිබේ.

දැනට සති  තුනක කාලයක සිට මෙම වන විනාශය සිදුවන අතර දිවා කාලයේ කැලෑවට යන ගම්වැසියන් පළමුව කැලෑව තුළ ඇති යටි කැලය කපා ගිනි තබන අතර පසුව විශාල  ගස් කපන බවද වාර්තාවේ.

මෙම මහා වන විනාශයට ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් පවා මුනිවත රකිමින් සිටී. දැනට සති තුනක  පමණ කාලයක් මෙම වන සංහාරය කරනු  ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති  රක්ෂිත වනාන්තරය තුලය.

දැනට වසර කිහිපයකට පෙර වනජීවි දෙපාර්මේන්තුවේ විරෝධය මැද බංඩාරදුව වැව ඉදිකල අතර මේ නිසා වනාන්තරයේ  වර්ග සැතපුම් 575 ක් පමන ප්‍රමානයක් ජලයට යටවිය.

මේ හේතුව නිසා බංඩාරදුව, සමන්ගල වෑරුන්කැටගොඩ , රතුපස්තලාව යන ගම්මානවලට දැඩි ලෙස වන අලි කරදර ඇති බව වනජීවි දෙපාර්මේන්තුව පවසයි. දැනට සමන්ගල රක්ෂිතය වටා අලිවැටක් ඉදිකර ඇති අතර මෙම වන විනාශය කරනු ලබන්නේ අලිවැටෙන් ඇතුලුවි බවද වාර්තාවේ.

මේ පිළිබදව අම්පාර දිසා වන නිළධාරි ආර්.එම්.විජේපාල මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිළිබදව තොරතුරු ලැබීමෙන් පසුව වන සංරක්ෂණ නිළධාරීන් එම ප්‍රදේශයට යොමු කර ඇති බවයි. මෙම වන විනාශයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා බවද පැවසීය.

 

 

 

 



අදහස් (1)

උහන වන සංහාරයක්

sam Monday, 30 September 2024 08:55 AM

වන රක්ෂා කරන්න ඉන්න එවුන් බුදි . උන් හරි විදියට රාජකාරි කරනවා නම් ඔත්තු එන්නේ නැත්තේ ඇයි .උන් පගාවට මුනිවත් රකිනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 33171 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15880 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10084 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 229 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 545 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site