
(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රථිපල ලැබූ සිසු සිසුවියන් ඇගයීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (10) පැවැත්විණි.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ජෛව විද්‍යා විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිකරගත් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපානි ලෙනෝරා, භෞතික විද්‍යා විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ චිරත් නිරෝධ, වාණිජ විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් පානදුර බාලිකා විද්‍යාලයේ ෂෙහාරා සිතුමිනි, කලා විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් ගාල්ල රිච්මන් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, ඉංජිනේරු තාක්ෂණවේද විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයෙන් ශෙහානි නවෝද්‍යා සහ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් පළමු ස්ථානය හිමිගත් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් කිරුලු සිහිල්දිය යන සිසු සිසුවියෝ මෙම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ හපන්නු ඇගයේ
වැඩ පරක්කු Monday, 10 June 2024 06:17 PM
ඔය උපහාර කරනවා වගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගෙන වර්ජන නිසා උපාධිය ගැනීම ප්‍රමාද වෙලා ඉන්න පිරිස ගැනත් ක්ෂනික විසදුමක් දෙන්න පුළුවන් හොදයි
ජයනාත් Tuesday, 11 June 2024 08:36 AM
සියලු දෙනාට උණුසුම් සුබ පැතුම් ! හැබැයි ජීවිතය තවමත් ඇරඹී නැහැ . ඉදිරියේ දී නැණවත්ව, ගුණවත්ව බුද්ධිමත් ව තම කටයුතු කරන්න . ජයග්‍රාහී අනාගතයක් !