IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උසස් පෙළ සිසුවාගේ පොත්පත් ගිනි තබා විනාශ කරලා

(චාපා මධුභාෂිණී)

මෙවර ගණිත අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මැදිරිගිරිය ජාතික පාසලේ සිසුවෙකුගේ සියලු පොත්පත් ආදිය ගිනිතබා විනාශ කළ බව කියන පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් පොත්පත් සියල්ල අහිමි වූයේ ගණිත අංශය මෙවර අපොස උසස් පෙළවිභාගයට පෙනී සිටීමට සිටින එච්.එම්.ජි ධනුෂ බණ්ඩාර නම් සිසුවාගේය.

දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කියන පුද්ගලයා මෙම දරුවාගේ නිවස ඉදිරිපිට නිවසේ වාසය කරන අධික ලෙස මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා පසුගිය දා පොරොවක්, ගල් කඩන උපකරණයක් සහ තියුණු ආයුධයක් අතැතිව මෙම නිවසට පැමිණ නිවසේ දොරට ආයුධවලින් පහරදී දොරගුලු කඩා ඇතුළු වී නිවසේ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුකොට මෙම දරුවාගේ වසර දෙකකම සියලු සටහන් සහිත පොත් ගිණිතබා ගොස් ඇත.

දැනට මෙම නිවැසියන් අලුතින් ඊට යාබදව ඉදි කරනු ලබන නිවසේ වැඩ කරමින් සිටි මේසන් බාස්වරයෙකුටද මොහු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකොට ඇත.

මෙලෙස ඔහුට තුවාල සිදු කරන අවස්ථාවේ ඔහුගේ සහයට සිටි අනෙක් පුද්ගලයා විසින් මට්ටම් ලීයකින් මොහුගේ හිසට පහරදී ඇති අතර පසුව මොහු තුවාල සහිතවම මැදිරිගිරිය පොලිසියට භාර වීඇත.

සැකකරු ආයුධ සහිතව නිවසට ඇතුළුවන අවස්ථාවේ මෙම දරුවාගේ මව සහ බාල සොහොයුරා සිට ඇති අතර ඔවුන් නිවසින් දිවගොස් දිවි ගලවාගෙන ඇත.

දැනට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව කියන සැකකරු සොයාමැදිරිගිරිය පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇත.

 



අදහස් (6)

උසස් පෙළ සිසුවාගේ පොත්පත් ගිනි තබා විනාශ කරලා

Nilantha Wednesday, 14 August 2024 03:29 PM

අනුමානයක් නැහැ... මාලිමා කෙනෙක් නැත්නම් පොහොට්ටුවේ කෙනෙක් වෙන්න ඇති... ගුරුවරු ඉගැන්වීම වර්ජනය කරද්දී මේ දරුවා සටහන් ආශ්‍රයෙන් තනිවම ඉගෙන ගන්නවා කියලා හිතාගෙන තමයි ඕක කරන්න ඇත්තේ...

:       79       17

bruceWednesday, 14 August 2024 04:06 PM

මෙයාගේත් මොලය පරික්ෂා කළ යුතුයි.

:       2       35

NihalThursday, 15 August 2024 12:40 AM

ඔන්න මාලිමාවට මඩ තවරන පුද්ගලයින්ගේ වහල්, දුෂ්ඨ මානසිකත්වය ඔවුන් විසින්ම පෙන්නුම් කරන ආකාරය...!

:       1       0

Pradeep KumaraThursday, 15 August 2024 10:16 AM

කොයි දේත් දේශපාලනයට ඈදා ගන්නා විශේෂයෙන්ම මාලිමාවට අපහාස කරනා මෙවැනි දේශපාලන අනාථයින් තවමත් ඉන්නවා. මෙයාලටත් හරි හැටි අධ්‍යාපනයක් ලැබුනානම් ඔහොම හැසිරෙන්නෙ නෑ. පව් ඉතිං. තමන්ට වැටහෙන තරමනේ.

:       0       2

ගමේ එකාලා Wednesday, 14 August 2024 03:53 PM

පහත් මානසිකත්වයක් තියෙන මෝඩ මිනිස්සු හැමදේම පක්ෂයක් පිට දාන්න හදනවා. මේ වගේ දේවල් කරන්නේ කුහක, නූගත්, බීමට ඇබ්බැහි වූ කෙනෙක් කියලා තේරුම් ගන්න තරම් සාමාන්‍ය දැනුමවත් නැති හැටි...?

:       3       73

Venrix Thursday, 15 August 2024 02:52 PM

සුවර් එකටම ගමේ ඉන්න කුහකම ජෙප්පා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site