IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


උසස් පෙළ සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

(අංජුල මහික වීරරත්න)

අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්ට ජනාධිපති අරමුදලින් මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

මෙම ඇගයීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකිරීමට නියමිතය.

එහිදී,  2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම  විශිෂ්ට කුලසතා දැක්වූ  සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය කියයි.

විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ ඇත.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන මෙහි පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයීම ජූනි 22 වැනිදා කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක් කෙරේ.

මේ අතර සෙසු පළාත් වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ජනාධිපති කාර්යාලය කියයි.



අදහස් (2)

උසස් පෙළ සමතුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යත්ව

Sarath Tuesday, 17 June 2025 09:37 AM

ඊට ඉස්සෙල්ලා කලින් අවුරුදු දීලා හිටපල්ලා ... අනුර, ඇවිත් අලුත් දෙයක් කරන්න හදන්න එපාඕවා එදා ඉඳලා ආපු දේවල් . මගේ ලමයත් A/L පාස් වෙලා දැන් කැම්පස් ගිහින් අවුරුදු 2 කට කිට්ටු වෙනවා . තවම නෑ දෙනවා කියපු එකක්වත්

:       0       0

ගුණරත්න Tuesday, 17 June 2025 10:53 AM

කෝටි ගානක් වටිනා උපාධියක් නොමිලේ උගන්වන එක ශිෂ්‍යත්වයක් නෙවෙයිද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site