(යොහාන් භාසුර)
අපොසස උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවැති කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) පැවසීය.
කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණ වීම මෙම අවලංගු කිරීමට හේතුව බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයේදී එය සාමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇති බව තහවුරු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල් කීය.
කිසිඳු අපේක්‍ෂකයෙක්ට අසාධාරණයක් නොවීම සඳහා එම විභාග ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටිය යුතු යැයි තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
එම ප්‍රශ්න පත්‍රයට විභාග අපේක්‍ෂකයන් නැවත පෙනී සිටින දිනය පසුව දැනුම් දෙන බව ද කියන විභාග කොමසාරිස්වරයා දැන් පැවැ්තවෙන උසස් පෙළ විභාගය අවසන් වූ වාහාම එම ප්‍රශ්න පත්‍රය නැවත පවත්වන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසස් පෙළ කෘෂි විද්‍යා දෙවැනි ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි
රංබොඩ Friday, 12 January 2024 06:13 PM
ප්‍රශ්නපත්‍ර පිට නොවී ආරක්ෂා කරගැනීම ඉතාම භාරදූර කටයුත්තකි. නමුත් මෙලෙස ප්‍රශ්න පත්‍රයක් නැවත ලියන්නට ගියාම සිදුවන අපහසුව දන්නේ එය ලියන දරුවන්ය...!
chandu Friday, 12 January 2024 10:26 PM
මෙම වරද කළ පුද්ගලයා සොයා ප්‍රශ්නපත්‍ර මුද්‍රණ ගාස්තු ප්‍රවාහන වියදම් නිරීක්ෂක ගාස්තු ඇතුලු සියලු වියදම් තක්සේරු කර ඔවුන්ගේ දේපල වෙන්දේසිකර හෝ අයකරගත යුතුයි...!