IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘

(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය අසමත් වූ සමහර ළමුන් දැනටමත් දෙවැනි වරට, තුන්වෙනි වරට විභාගය කරන්න සූදානම් වන බවත් සමහර දරුවන්ට මොනවා කරනවද කියලා අරමුණක් නොමැති වුවත් වර්තමාන ආණ්ඩුවේ අලුත් වැඩපිළිවෙල තුළ සියළු දරුවන්ට නිවැරදි මගපෙන්වීමක් සහිත වැඩ පිළිවෙලක් 2026 වසරේ ආරම්භ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවය පැවසුවාය.

අවුරුදු  හැත්ත පහක් පුරා දූෂණයවලට, අපරාධවලට තිබුණ දේශපාලන රැකවරණය වත්මන් රජය  ඉවත්  කර ඇති බව කී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය තවදුරටත් ඒ ජනතා විරෝධී දූෂිණ, අපරාධවලට රැකවරණයක් නොමැති වීම නිසා පටන් ගන්නවිටම ඒකෙන් බය වුණ, අවුල් වුණ පිරිසක් රාජ්‍ය සේවය  තුළ, ආරක්ෂක සේවය තුළ,  මේ සියල්ලම දේශපාලන ආශිර්වාදය එක්ක පවත්වාගෙන  ගිය බව ද සදහන් කළාය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව, හුංගම, තංගල්ල ප්‍රදේශවල පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය. 

 



අදහස් (9)

‘උසස් පෙළ අසමත් දරුවන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා‘

Perera Monday, 28 April 2025 09:19 AM

උසස් පෙළ අසමත් ළමයින්ට ඔය වගේ දිරි ගැන්වීමේ වැඩ සටහන් අසන්නට ලැබුණ පළමු වාරය වෙන්න ඇති.

:       6       21

රම්බොඩ Monday, 28 April 2025 09:30 AM

කොතන ගියත් එකම කතාව තමයි.

:       20       24

sura pappa Monday, 28 April 2025 10:11 AM

අනේ නෝනේ අපේ රටේ සරසවි ඇතුලේ පසුගිය කාලය පුරාවටම කඩාකප්පල් වැඩ කලේ කවුද කියල කවුරුත් දන්නවා . ඔහෙලා වචන 10 ක් කතාකලොත් ඉන් 9ක්ම අවුරුදු 76 ක් සාපයක් ගැන මන්තරේ මතුරනවා . ඔලුවක් තියෙන ඕන එකෙක් දන්නවා 1948 ඉඳල අපේ රටේ දියුණුවක් තිනුන්ද නැතිද කියල . වෙනකක් තියා ඔහෙලගෙ නායක මට්ටමේ උන්ගේ ගෙවල් වලත් තිබුනේ වල කක්කුස්සි . දැන් තියෙන්නේ කොමෝඩ්. උන් ඉස්කෝලේ ගියේ පන් මලු අරගෙන උනාට අද දුප්පත්ම පවුලක ළමයත් සපත්තු දාල පාසල් යනවා . ඔහෙලට මේක කරන්න බැරි නිසා තමයි අදටත් සමාජ වෛරයම වපුරනවා හැරෙන්නට වෙන දෙයක් කියන්න බැරිවෙලා තියෙන්නේ .

:       16       24

idr tharangaMonday, 28 April 2025 01:31 PM

දියුණුව කියන්නෙ කක්කුස්සියෙන් කොමඩ් එකට ගිය එක ගැන තේරුම් ගත්ත ඒ මහතාට අපගේ හදපිරි ප්‍රණාමය

:       10       12

වින්සන්ට් කජ්ජා Monday, 28 April 2025 11:33 AM

ඉස්සරත් තිබුණා. පාර්ලිමේන්තුවට ගන්න එක තමයි වැඩපිළිවෙල. තව සාමාන්‍ය පෙළ නැතිව නේවි එකට ඔෆිසර් විදිහට ගන්න එකකුත් තිබුණා

:       6       13

sura pappa Monday, 28 April 2025 03:30 PM

IDR Tharanga අනේ සමාවන්න මට වැරදුනා දියුණුව කියන්නේ හොර උපාධි පෙන්නලා පාර්ලිමේන්තු ඒමට ඉඩ ලබාදීම. ගල් පැලෙන බොරු කියමින් සමාජ වෛර වැපිරවීම. කියන ඔනෑම බොරුවක් ඇත්ත කියල පිළිගන්න ලෑස්ති හරකුන්ගේ ව්‍යාප්තිය වැඩි කිරීම වගේ දේවල් නේද?

:       10       16

බටලන්දේ ප්‍රේමලතා Monday, 28 April 2025 04:49 PM

ඔය දෙන්නට තව ඒව එකතුකරන්න පුලුවන්. මහ බැංකුව බිඳීම, ජීවිතේට රස්සාවක් නොකර කෝටිපති පුතාල හැදීම, අයිතිකාරයො නැති ඉබේ හැදෙන ගෙවල් ව්‍යාපෘති, රක්ෂිතවල ගෙවල් හා හෝටල් ව්‍යාපෘති, හදිස්සියකදී නතර කරන්න බැරි හයිවේ, කුරුල්ලො ලෑන්ඩ්කරන එයාර්පෝට් සහ තව මිලියනයක් දේවල්.

:       1       1

Neel Monday, 28 April 2025 04:40 PM

පුදුම හරක් ඉන්න රටක් මේක. මොකද කියන දේ තේරුම් ගන්න බැරි ප්‍රශ්න තිබෙනවා...

:       0       0

ගුණරත්න Tuesday, 29 April 2025 08:11 AM

ආණ්ඩුව ඡන්ද රැස්වීම් වල බෙරිහන් දුන්නු විදියට ඒ කාලේ අපි හිතුවේ මාලිමාවේ සැලසුම් ගැන එකෙක් කට උල්කරගෙන දෙසාපු හැටියට අපේ ගෙදර ටොයිලට් එකටත් සැලසුම් ඇති කියල මම හිතුවා, එත් ආණ්ඩුව පත්වුණා දවසේ ඉන්දල පෙන්නුවේ ඔය කියන සැලසුම් තිබිලා තියෙන්නේ ඡන්ද වේදිකාවේ කළ කතා වල විතරය කියලා ඒවා හුලන්ගේ ගහගෙන ගොහින්. ඉතින් දැන් ආපහු ඡන්ද රැස්වීම් වල දෙසනවා අපි ලබන අවුරුද්දේ සැලසුම් හදනවා කියල. කාවද මේ රවටන්නේ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site