IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි

(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගය හේතුවෙන් අද (25) සිට විභාගය අවසන් වන ලබන පෙරවාරි මස 17 වැනිදා දක්වා විදුලිය කප්පාදුව අත්හිටුවීමට බලධාරීන් එකඟ වූ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ පැවසීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගෙවීමට ප්‍රමුඛතාව දියයුතු යැයි විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම උපදෙස් දුන් බවත් මානව හිමිකම් කොමිසම සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය මෙම සමථය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධිකරණය හා පහසුකම් සැපයීමට මැදිහත් වියයුතු බවත් එම අවස්ථාවේ සමතයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව නිර්දේශ වශයෙන් ඇතුළත් කර නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද (25) පස්වරුවේ බලශක්ති අමාතයංශයේ ලේකම්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිග සංස්ථාව, ලංකා සහ මහජන යන බැංකුවල සභාපතිවරු එම කොමිසම හමුවට කැඳවූහ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට අද පෙරවරුවේ ද සාකච්ඡාවකට සහභාගි විය.   



අදහස් (8)

උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි

මහසෙන් Wednesday, 25 January 2023 08:50 PM

බොරු බයිලා ගහන්න එපා යක්කුනේ.මේ දැනුත් කැපුවා .

:       0       0

Sunil Wednesday, 25 January 2023 08:52 PM

මෙපමණ කලක් සිසු දරු දැරියන් සහ ඔවුන්ගේ අනාගතය ප්‍රාණ ඇපයට තබා ගනිමින් මේ කාලකන්නි ඇමතියා සහ පිනාධිපති කර තිබෙන්නේ විශාල ප්‍රෝඩාවකි

:       0       1

wicky Wednesday, 25 January 2023 09:39 PM

අපෙ පැත්තෙ එහෙම ළමයි නැතුව ඇති නේද? කොහොමත් ඔය ඇමතිලා වගේ කට්ටිය ඉන්න පැති වලට කපන්නෙ නැහැනෙ..මේකත් ඒ වගේ වෙන්න ඇති

:       0       0

Buddika Thursday, 26 January 2023 04:58 AM

ඊයෙත් (25) දෙපාරක් විදුලිය කැපුවා .හවස 6 සහ රාත්‍රී

:       0       0

LGPJ Thursday, 26 January 2023 06:28 AM

උසස් පෙළ අයදුම්කරුවන්ට හොඳ තීරණයක්!!!!

:       0       1

Rohana Thursday, 26 January 2023 07:14 AM

දවස් 365 ම උසස්පෙල විභාගය පවත්වමු. ඒතකොට විදුළිය කකපන්න වෙන්නෙ නැහැ.

:       0       0

Bunny Preena Thursday, 26 January 2023 09:53 AM

මොවුන් දැන් තරඟෙට බොර කියන්නේ .ඊයේ රාත්‍රියේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ කැපුවා .වැඩ බැරි උන්ව ලොකු ලොකු නිලතල වලට පත් කරපුවාම වෙන දේවල් තමයි

:       0       1

fairoos Thursday, 26 January 2023 12:21 PM

ඉතාම හොඳ තීරනයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site