IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


උසස් පෙළ දරුවන්ට ආපදා දැනුම් දෙන්න අංකයක්

 

(සුජිත් හේවාජුලිගේ)  

උසස් පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධා වළක්වා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර   ඇත.

මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට අනපේක්ෂිත කාලගුණික තත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් සිදු විය හැකි බාධා වළක්වා ගැනීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

විභාග කාල සීමාව තුළ ආපදා අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශ්වකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුළත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමටද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

යම් ආපදා තත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලපෑමක් එල්ල විය හැකි සිසු දරුවන් හට 117 දුරකථන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුව  හදුන්වාදී ඇති 1911 දුරකථන අංකයට එ ගැන  දැනුම් දිය හැකි බව සඳහන් වේ.

 

 



අදහස් (0)

උසස් පෙළ දරුවන්ට ආපදා දැනුම් දෙන්න අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 437 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site