IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උෂ්ණත්වය අද තවත් ඉහළට යයි

(යොහාන් භාසුර)

දිවයිනේ දිස්ත්‍රික්ක  9ක උණුසුම් දර්ශකය අද (28) මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45ත් අතර පවතින බවත් මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම කළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 12.11ට යාපනයේ කොවිලන් තුඩුව සහ මල්ලාකම් ප්‍රදේශවලට හිරු මුදුන්ව බව ද සඳහන් කරයි.



අදහස් (0)

උෂ්ණත්වය අද තවත් ඉහළට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site